Sunday, December 8, 2013

කුරුටු ගෑම !



අම්මෝ........ඔන්න සෑහෙන කාලෙකින් බ්ලොග් එකට ගොඩඋනා. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. 

මුලින්ම කියන්න තියෙන්නේ මෙන්න මෙවුවා...

1. මෙච්චර කල් මගේ බ්ලොග් එකට දවස ගානේ නිකමට හරි කරක් ගහලා මෙනවා හරි දෙයක් අහුල ගත්ත කෙනෙක් සිටී නම් අයියනායක දෙයියන්ගේම පිහිටයි.බුදු සරණයි.(යකෝ මේවා කියන්නේ හිතේ තරහකට නෙවෙයි....දරාගන්න බැරි සතුටට)

2. පහුගිය කාලේ මේ පැත්තේ එන්න බැරි උනා. සිංහලේ ඉපදිලා සිංහල වෙනුවෙන් දෙයක් කරන්න බැරි උනා. දන්න නොදන්න අය වෙනුවෙන් රසවින්දනයට දෙයක් කරන්න අමතක උන. ඒකට මගේ රසික රසිකාවියන්ට අනේකනාරයන් සමාවෙන්ට ඕනි.....හරිය.....

3. මැයි මාසෙන් පස්සේ මෙලෝ දෙයක් කරේ නැති නිසා බ්ලොග් එක නැති බංගස්තාන වෙලාද මන්දා. මට කියලා ගොඩක් රසිකයෝ නැති උනාට හිටිය පිරිස විටින් විට ඇවිත් ගිය එකටගොඩක් පින්. ඒවගේම මග තොට දැක්කම මචං ඇත් දැන් බ්ලොග් එක ලියන්නේ නැත්තේ කියලා අහලා මගේ හයියට හිටිය...මගේ හැම පියවරකදිම මට අත දුන්න. විසිල් එකයි බල්ටියෙන් සපොට් එක දුන්නු හැමෝටම ගොඩක් පිං.

හ්ම්.....


ඔන්න එහෙමයි ගිය කාලේ උනා කියන්නේ...

මැයි මාසෙන් පස්සේ ජීවිතේ නං ගොඩක් දේවල් උනා. කොහොම උනත් මතක හිටිය දේවල් අතර බ්ලොගාර්ස්ගේ ගොට්ටුවට ගියා රජයි. ගවේශකයයි...තව නගාල දෙන්නෙක් එකක්....එකේදි ගොඩක් දේවල් උනානේ....ඒවා ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ....

ඊට පස්සේ ගවේශකයි, පොඩි මහත්තයයි, ලොශාන් මහත්තයයි එක්ක නකල්ස් පැත්තේ රවුමක් ගහන්නත් ලැබුනා. කියන්න දෙයක් නැහැ ජීවිතේ කෙලවර වෙනකම්ම ඒ දේවල් අමතක වෙන එකක් නැති වෙයි.

තව.....ආහ් අපේ ගවේශක තැනගේ අදහසක් විදියට අපි IT's Time to Hike කියලා පේස් බුක් පිටුවක් පටන් ගත්තා මේ වෙනකොට ගමන් බිමන් කිහිපයක්ම ගියා. කියන්න කලින් ගොඩක් අය දන්නවත් ඇති. ඒ පැත්තෙනුත් ඉස්සරහට ලොකු වෙනසක් කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔයින් මෙයින් ගෙදෙට්ට කොටුවෙලා හිටිය කොල්ලට ජොබ් එකක් සැට් උනේ අනූනවයෙන්.... අනේ වාසනාවන්....කිව්වලු...එදා හිටන් අද වෙනක් මම කරන්නේ එන්න ඒ ජොබ් එකමයි. පොඩිකාලේ හිටම්ම කොම්පියුටරේට තිබ්බ ආසාමේ අග්ගර පලය තා මේ ජොබ් එක... ඉතින් ඔහොම කාලයක් යනකොට මගේ හිමිකන් ඔක්කොට කොහෙන්ද ආපු පොඩි එකෙක් ටොක්ක ඇන්නේ හරියටම මීට මාස 8 කට 9කට විතර කලින්නේ....ඒ තමා අපේ අක්කගේ පොඩි එකා......කොල්ලෙක්....මම ඒකගේ මාමා විදියට මේ වෙනකොට ගාලය ගෙවනවා. මූට අනිත් ඔක්කොට දකිනකොට ලාබාල හිනවාක් දැම්මත් , මම දකිනකොට කොල්ලගේ මූණෙ තියෙන්නේ පට්ට පදිරි කුප්ප හිනවක්. මා දහා බලන්නේම නක්කලේටමයි. අර කතාවට කියනවා වගේ මා කළ වරදට ඇයි අම්මට බයින්නේ වගේ එකාගේ හිනවට ඉතින් මම ඒ පොඩි එකාට මෙනවා කොරන්නද. හැබැයි එක දෙයක් ඒකාන්තයි. ඔය පොඩි එකා තේරෙන වයසට එනකොට මේ මාමාගේ කෙස් ගස් පිටිම්ම උගුල්ලනවා ඒකාන්තයි. 

වැඩිය ලියලා ඔයාලාට එපා කරන්න කැමති නැහැ මම. කොහොම උනත් අවුරුදු 3 ක් විතර තිස්සේ බොහොම හෙමින් තමා මගේ ගමන යන්නේ.... මගේ පොස්ටු  කියවපු කොමෙන්ට් කරපු ගුණ දොස් යෝජනා චෝදනා කරපු... මාත් එක්ක මෙච්චර කල් හිමිය හැමෝටම ගොඩක් ස්තුතියි

මාත් එක්ක සමකාලීනව බ්ලොග් ලියන්න ගත්තු...මට පෙර හා මට පසු බ්ලොග් ලියන්න පටන් ගත්තු හැමෝටම තව දුර යන්න ශක්තිය දෛර්ය වාසනවා ලැබෙන්න කියලා මම එක හිතින්ම මම පතනවා..

ඔන්න කියන්න හිටිය දේ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.... මේ මාසේ 23 වෙනිදට මගේ බ්ලොග් ගමනේ 4 වෙනි අවුරුද්ද පහු කරනවා. තාම පොස්ටු ගොඩක් නැති බව ඇත්ත....ගමන හෙමින් බවත් ඇත්ත... ඒත් එදාටත් මම විශේෂ දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා...

එහෙනම් ගිහිල්ල එන්නම්
120ට 220ක් ම ආයුබෝ වේව !

Related Articles