Tuesday, May 21, 2013

ජොබ්, ට්‍රාන්ස්පෝට් හා මහ මග චාටර්වීම...


වේලාව රෑ 10.55 යි. මා මගේ කාමරයට ආවා පමණි. අම්මාගේ සිත සැනසීමට කඩචෝරු කෑව කියා බොරු කීවේ දරාගත නොහැකි බඩගින්න නිසා අතර මගදී නයිට් කඩයකින් රයිස් එකකට වගකී නිසාය. යම් හෙයකින් අම්මාට මා කඩෙන් කෑවා යැයි කීවේ නම් අම්බානෙක බැනුම් එක්කම දවස් ගානක් අම්මා මාත් එක්ක තරහා වන බව දන්නා නිසාය. එහෙයින් අම්මා බටර් පාරක් ගා ඈ ගානේ උණු උණුවෙම තේකක් හදාගෙන ඇඳේ වාඩිවී අද දවස ගැන පෙරලා කල්පනා කරන්නට වීමි. අම්මෝ.....අද දවසෙන් වැඩි හරියක්ම වාහන හා මහ මගට වියදම් වීම හේතුවෙන් මට දෙතුන් දෙනෙකුන් ගුටි කෑවා වැනි තෙහෙට්ටුවක් දැනුනි.ඒ නිසා ලැපීවත් දිග ඇරගෙනම ඇඳට ගොඩවිය....අපි හැමෝම ජොබ් කරන්න බොහොම වෙහෙසක් උත්සාහයක් අරන අය නොවැ. ඒ ඉතින් ආයි වෙනමම කියන්න ඕනි නැහැනේ. හැමෝටම වගේ මටත් අද වැඩ දවසක්. වෙනදට වඩා කල් ඇතිව ඇහැරුණු මම ලැහැස්ති වී මස්සිනාගේ මොටර් සයිකලයට විද්දේ බස් එකේ යාමට වඩා ඉක්මනින් අද වැඩට යායුතු වු නිසාය. උදේ පාන්දරම අක්කාට කුටු කුටු ගා ඉල්ලාගත් මස්සිනාගේ බයිසිකලයෙන් වැඩට පිටත් විය. අහෝ කේදයකි.. අද හෙඩ් ඔෆිස් එන්න කිව්වා නේද ? මට සිහිවෙන කොට වැඩ කරන පෙට් එකට ඔන්න මෙන්නය. මොනව කරන්නද බයික් එක ඔෆිස් එකේ දාලා අහලින් පහලින් හෙඩ් ඔෆිස් යන පාහනයක ගොඩ වෙලා මමයි මගේ ගුරා අයියයිත තවත් කෙල්ලො දෙතුන් දෙනෙකුයි.(දෙතුන් දෙනෙක් කිව්වට හරියටම හතර දෙනෙක්ක ඔන්න ඇහ්..) ගියා. අපි හෙඩ් ඔෆීස් එකට යන්න පිටත් වෙනකොට උදේ 7 විතර උනත් අපි හෙඩ් ඔෆිස් එකට යනකො උදේ 11 විතර උනා. එච්චරට රටේ ආශ්චර්යය. සන්තෝසෙ බෑ. එතන ගියහමත් උන් අපිව චාටර් තරනවා(උන් කිව්වේ ලොකු ලොක්කන්ට...හරිය.. ) මෙනවා කරන්නද ඉතින් අපිට කොයින්ද අහස් යන්තරා කිව්වලු...ඔන්න ඉතින් අපිට එච්.ආර් පුහුණූ පාඨ මාලාවකට සෙට් වීමට සිද්ද විය. ඒ අපි දෙන්නා අයි.ටී. අංශයේ නියෝජනයක් වශයෙනි. සැහ්....කෙල්ලෝ ගොඩායි කොල්ලෝ පොඩ්ඩායි. අපි කොල්ලෝ 5 දෙනෙක් විතර හැරෙන්නට අනිත් උන් ඔක්කෝම නන් දෙසින් පැමිණි කෙල්ලෝය.. පස්ට ආතල්ය... ඒත් අම්බානෙකට කම්මැලීය.

අපිට ඉතින් කරන්න තිබ්බේ පුහුණු පාඨ මාලාව ගල් ගිලපු උන් වගේ උඩ බලාගෙන ඉන්න එක විතරයි. ඔන්න ඔයින් මෙයන් අපේ රතු කට්ට පැනපු සේය. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු.. අපිට ලෙසටම බඩගින්න පහල විය. වැඩි වෙලාවක්යන්නට මත්තෙන් අපි පොත් පිටු වල නොට් වෙනුවට දේශක තෙමේගේ කාටුන් රූප එකින් එක නිර්මාණය වන්නට විය. ඒක නම් ලෙසටම පස්ටය. අපි පොරව ලෙසටම බියට් කරන්නට විය. එහි අවසාන ප්‍රතිඵලයක් වශයෙන් අන්තිමට හවස 2ට පමණ අපට දිවා ආහාරය ගැනීමට අවසරල ලැබුනි. කෑව කෑමක් කියන්නේ තාමත් කෑම එකේ තිබ්බේ මොනවද කියා හරි හැටි මතකයක් නැත. ඉන් අනතුරුව සවස 3ට පමණ නැවතත් පාඨ මාලාවේ ඉතිරිය අරඹල ලදුව එය හවස 4.30ට අවසන් කලේ දුර පැහැර යන්නන්ගේ පහසුව උදෙසාය. ඒත් අපිට නම් සිදුවු පහසුවක් නැත. උදේ පැමිණි වැන් රථයද අතුරුදහන්ය. අගිය අතක් නැත. අපි සියල්ලෝම ලෙසටම අවතැන් විය. කෙසේ හෝ අපි සියලු දෙනාගේම ඒකමතික ඡන්දයෙක් බසයෙන් ගම රට බලා යෑමට තීරය විය. අනතුරුව අපි සියල්ලෝම බොරුල්ල හන්දියෙන් කොටුව දෙසට ධාවනය වන 103 බස් මාර්ගයේ බස් රථයකට ගොඩ විය. කලුවර ඇයි විජිතය මගේ කියවුනේ අන්න ඒ වෙලාවේය. කව්රුන් හෝ ගොබ්බයෙක් බස් එකේ සීට් එකක කබරයා දැමීම හේතුවෙන් බස් එක අතර මග නතර කරන ලදි. දෛවයේ සරදමකි මොන රෙද්දක්ද ඒ  අස්සේ මල් මල් මොරසූරන වැස්සක්ද සෙට් විය. අපි සදා අනාතය..වැස්සේ තෙමි තෙමී ගහක් යටට වෙලා ඉන්නකොට තවත් 103 දෙයියෝ දුන්නා මෙන් කඩාපාත්යි. අම්මෝ බස් අයියා දෙයියෙක් නෙවෙයි දේවාලයක්.... පොරට පින් දි දී අපි කොටුවට සේන්දු විය. මේ සියලු දුක්ක දෝමනස්ස අකරතැබ්බයන් අපි දෙදෙනාට පමණත් නොව අනිත් කෙල්ලන් 5දෙනටත් අත්වීම අනන්ත අප්පරමාන සතුටක් ගෙන දෙන කාරනාවකි. දැන් එන් ටිකත් සදා සොත්තිය අනාතය අවතැන්ය. අපේ පිහිට හැර අන් සරණක් නැත. මට සොමා එදිරිසිංහ සිහි විය. ඇයි යකෝ හැම වෙලේම රූපවාහිනියේ කියන්නේ සරණක් අවැසි සැමට කියලා. අපිටත් මේ වැලේ වැල් නැතුව ඉන්න වෙලාවේ බලාගනිලලකෝ තව කෙල්ලෝ 5 දෙනෙකුත්... වෙලාව ලාවට දුවයි. සීන්  එකෙන් කෙල්ලෝ දෙනෙක් වෙන්ත් මාර්ග ඔස්සේ ගෙවල් බලා පිටත් විය. තවත් එකියෙක් යාලුවෙකුත් එක්ක විසි විය. දැන් එකතුව කෙල්ලෝ දෙන්නයි කොල්ලෝ දෙන්නෙක් ලෙස සටහන් විය. අපි හතර දෙනා කොටුවෙන් වව්නියා බලා ධාවනය වීමට නියමිත බස් රථයකට ගොඩවිය. බස් රථයට ගොඩවී පැය ඉක්ම ගොස් ඇත. අනෙත් බස් ගමනාන්ත බලා පිටත් වන මුත් අපි නැග්ග බස් රථය හිටි තැනමය. රතු කට්ට විසි විය.

අපි - අයියේ මේක කීයටද යන්නේ ?
අයියා - අපි යන්නේ 6.35ට

අම්මට  සිරි නොදකින් විතරක් මෝඩ මූසලයා....යකෝ ඕක කලින් කිව්වනන් ආපු අතක් බලාගෙන පාඩුවේ ගෙදර යනවනේ අපි. දැන් ඉතින් කරන්න දේකුත් නැහැ ඉවසගෙන ඉන්නවා ඇරෙන්න. ඔන්න කියපු විදියට අපි බස් එක ඉබි ගමනින් කොළඹින් එළියට ඇදුනා... අපරාදෙ කියන්න බැහැ ජෙට් එක වගේ 20ට විතර ආවා ඒමක් නිට්ටඹුවෙන් බහිද්ද රෑ 9යි....ඊට පස්සේ නිට්ටඹුවෙන් අන්තිම බස් කට්ටක එල්ලිලා පැට්ටේරියට ගිහිල්ලා මස්සිනාගේ බයික් එකත් අරගෙන ආපහු එනකොට මගදි අම්මා කෝල් එකක් දුන්නේ නැතෑ

මම - හලෝ....අම්මේ ...කියන්න
අපෙ අම්මා - චූටි පුතේ කොහොද ඉන්නේ ...??
මම - දැන් මේ එන ගමන් නිට්ටඹූවේ ඉන්නේ...
අපෙ අම්මා - ඔයා කාලා නේද එන්නේ ..?? මම කෑම තිබ්බේ නැහැ ඒක නිසා

හපොයි මගේ වියලි සලාකෙත් අද කපලා. පොලොව හාරන් වැලලෙන්නට සිත් විය. අම්මනේ මොනා උනත්. පස්සේ පස්යාලෙන් බැහැලා රයිස් එකත් කාල තමා ගෙදර ආවේ. අම්මෝ මහන්සි මම දොයියන්න යනවෝ ගුඩ් නයිට්....

Related Articles