Wednesday, April 24, 2013

තව පොඩ්ඩක් එහා මෙහා උනානාම් අපට විසා ලැබෙනවා

පින්වතුනි පන්වතියනේ මයෙ අම්මේ තාත්තෝ අයියේ අක්කේ නංගියේ මට දෙන්න මගේ පුංචිකාලේ....හැහ් වැදුනා නේද..හරි මෙන්න මේකයි කේස් එක..... අට අනුවක් රෝග නවඅනූවක් රෝග පල්ලා මම මේක ලියන්නේ මහ සාගරේ මෙව්වා වෙන පරිද්දේ මයෙ හිතේ හංගගෙනඇති කුප්ප සීන් කොන් මෙසේ කොටා දිගහැරීමට සිතුවේ අහම්බෙන්ය....



උදේම අම්මගේ ගොර්නාඩු අස්සේ ඇහැරුනේ වැඩට යන්න කියලා.. දත් මැද්ද කියලාවත් හරි හමන් මතකයක් නැතුව තේක බීලා ලැහැස්ති වෙලා වැඩට යන්න ගෙදරින් එළියට බැස්සා...අපරාදේ කියන්න බැහැ ඉස්ස බයිසිකල් පදින උන්ට වතුර ගහලද කොහෙද උදේ පාන්දරම 7.30 විතර එළියට ආවා විතරයි. මල් මල් මහ වැස්ස.. මගේ වාසනාවට වගේ කුඩෙටත් ගෙදර එකෙක් විදලා.. ඒකත් ආගිය අතක් නැහැ...මොනවා උනත් ඒකත් ජය සිරි මංගලම් කියලා හිතාගෙන හන්දියෙන් බස් එකට නැග්ගා නුවර පාර සිහාවට යන්න කියලා. ඔන්න බස් එකේ කොන්දයියා..

කොන්දා - (මම රුපියල් 20 පෙන්නුවහම)....මල්ලි රුපියල් දෙකක් දෙන්න...

මම - අනේ නැහැ බොස්...පාර්ස් එකේ තියෙන්නෙම රුපියල් 50 යි

කොන්දා - මල්ල බහිනකොට ඉතුරු ගම්මුකෝ...

කියලා මේකා ගියා. මට නිකං මේවා හීනෙන් හීනෙන් වගේ මතකයි.  ඔන්න බහින්න ඕනි පොට් අකටත් ආවා. මම බහිනකොට කොන්දට පොඩි ටෝකක් දැම්ම.

මම - අයියේ ඉතුරු...

කොන්දා- මල්ලි මාරු නැහැ...අයේ එන වෙලාවක මතක් කරන්නකෝ මල්ලි ඉතින් ඉන්නේ මේ පාරේනේ...(නොදකින් අසමජ්ජාතියා..)

මුන්ට අපි සල්ලි අඩුවෙන් දෙනකොටත් රුදාව. අපි උන්ගෙන් ඉතුරු ඉල්ලනකොටත් රුදුව. යකෝ මුන් ගැන ගලේ බණ්ඩාර දෙයියොම බලන්න ඕනි. හ්ම්....ඔන්න ගියා ඒ පාර නුවර පාරට පැත්තට ඇවිදගෙන..

ආවා කොළඹ - කෑගල්ල බස් එකක්...කොල්ලා දැම්ම අත.....අපරාදෙ කියන්න බැහැ ඩැයිවර් කොල්ලා පස්ට පොරකි. පොර මම ඉන්න තැනටම බස් එකේ පිටි පස්සේ දොර තියලා නැවැත්තුවා... ඔන්න ඉකින් කොල්ලත් ගොඩ උනා.  දැන් ඔන්න බස් එක නිට්ටඹුව කල(ර්) ලයිට් ඉස්සසහ නැවැත්තුව වෙලේ කොල්ලා බැස්සා...බැහැලා...නිට්ටඹුවේ බස් ඉස්ටෑන්ඩ් එක පැත්තට ඇදුනා. අම්ම ගහයි....අද නිට්ටඹුවේ පොල දවස... ඒ අස්සේ උදේ 8 ට එන බස් එකත් අද නැහැ.. වෙනදට බස් එක එනකන් දුරට ආතල් රබර් ඇහැ දාන කෙල්ලෙක් හිටියා .....හපොයි අද ඒකිත් නැහැ...අද බස් හෝල්ට් එක අමු සොහොනකි. බස් හොල්ට් එකටම කෙල්ලො වගේ ඇන්ටිලා කිහිප පොලකි. මම එතනින් ලිස්සලා රුග්ගහවිල පැත්තේ බස් එකකට නැග්ගා මතකයි. චැහ්... ඒකත් වැරදි බස් එකක්. බැස්සා ආයෙත් ඒකෙන්.....ආපහු ආවා බස් ඉස්ටෑන්ඩ් එකට.....අයිශ් අම්මා ගුණ්ඩු..... රබර් ඇහැ දාන කෙල්ල ඇවිල්ලා... කොල්ල ගියා ගිහින් හට ගත්ත බස් හෝල්ට් එකේ....

 නොදකින් විතරක් අපි ගහකට නැග්ගොත් ඒකෙත් කොළ නැහැ......බස් එක ආවා කියහන්කෝ...මට තනි ඇහැට හො ගාලා අවුල්ය. අර කෙල්ල බස් එකට නැගලා අවුරුදු 65-70 විතර පොරක් එක්ක බර කදේක. යකෝ මම වගේ කලු දාර කැත හැන්ඩ් සම් කොල්ලෙක් ඉද්දි ඒකිට අර පොරට හිත ගියේ කොහොමෙයි. හරි නංගී අහුවෙයන්කෝ ආයේ දවස...

කොල්ලා බස්එකේ පිටි පස්සටම ගිහින් මනෝ පාරකුත් දාගෙන ඉන්නකොට නොදැනිම වගේ බස් එක වැඩ කරන පොට් එක ගාවට ඇවිල්ලාය.බැහැ කොන්දට සල්ලි දික්කලා.

කොන්දා - මල්ලි රුපියල් දෙකක් නැද්ද ?

මම - (සුපුරුදු විදියට) අනේ නැහැ අයියේ...

කොන්දා - හරි එහෙනම් රුපියල් 5ක් දෙන්න

මම රුපියල් 10 කොලයකි පොර වෙදට දික් කලෙමි. අම්මට සිලි කිව්වලු මෙන්න මූ අමු අමුවෙම මට මාරු සල්ලි දෙනවා.  මේකට තමා කියන්නේ දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා කියලා...

හ්ම් ...අද මහ කුප්පය....වැඩ නැති හෙයින් සිංදුවෙන් මුළු දවසම ගෙවීමට සිදුවු අතර පිට රටින් කොම්පැණියට පාත්වු අක්කෙක්ගේ බාගෙට කෑ ඇපල් ලැප් ටොප්පියත් හදලා දෙන්නට සිදුවිය. එහි විපාක විදියට ඒ අක්කි මගේ කොම්පියුටරේ මූසිකට ගලවාගෙන පලා යන ලදි. ඒ අයේ ඉල්ලා ගැනීමට මම අපොහොසත් වීමි. අක්කා නම් පස්ටය...ලක්ෂාන / වික්ටෝරියා / රන්දදෙණිගල ජලාශ වගේ සැහෙන්න දේවල් ඉන්ගිරීසියෙන් දෙඩයි. මම කියන හැම දේටම තැන්කිව් කියන අතර අක්කා කියල කිසිම දේකට මම උත්තර දීමට අපොහොසත්ය. ඉංගිරිසි අක්කා විටින විට මෙනවාදෝ දොවන අතර විටෙක තනියෙන් සිනාසෙයි.හිකිස්...එකිට පිස්සුද කොහෙද  ? මම ඇගේ කාමරයෙන් විසිවී අයි.ටී කාමරය නොහොත් මගේ රජධානියට ගොඩවිය. හැමදාම මේක අස්සේ රිංගනවා ඇරෙන්න මේකඅස්කරපු දවසක් මගේ මතකයේ නොවු හෙයින් අද ඊට සුදුසු දවසක් බව මට වැටහිනි. තිබූ බඩු මුට්ටු එහාට මෙහාට කර ලාවට අස්කර ඉවර වන විට ඉන්ටවල් එක සෙටි විය. කැන්ටිමට ඇදුනු මම අම්මානෙකට සප්පායන් වු මම ආයෙත් රාජධානියට ගොඩවිය.

මගේ කාර්යාලීය සගයා යාළුවා වගේම අයියා නොහොත් හැමෝම ආදරයට හැමෝම කියන්නේ අසියා කියාය. ඇත්ත නම අසිතය. මට අසියා ......අසිත අයියා වෙයි. දැනුමෙන් පොහොසත් ඔහු කොම්පියුටර් ගැන හසල දැනුමක් ඇති පොරකි. කොල්ලන්ගේ බාසාවෙන් කියනවා නම් කොම්පියුර් ජිල්මාට් වැඩ්ඩෙකි.හවස් වනතෙක් එක එක වැඩ කර හිටි අපි දෙන්නා 5.30 වන විය පොට් එකෙන් චුත විය.....

ඔන්න දැන් තමා අවංකෙන්ම තනිඇහැට කොරවෙන සින් එක....නිට්ටඹුවේ දෙසට ඇදෙන බසයකට අප දෙදෙනා ගොඩවිය. පස්රථයේ රියදුරා කොල්ලෙකි. ඌට පාර නිකන් ටෙයිස්ට. පොර බස්එක අනි ඇහැට නිට්ටඹූව දෙයට ධාවනය කරන්නට විය. ගතවුයේ සුළු මොහොතකි. එකපාරම බස් එක පාරෙන් ඉවතර පැන අසල තිබූ කාණුවතට වැටී නතර විය. මට තාම නින්දත් නොනින්දත් අතර පාරේ අනෙක් පස පෙරලුනු යතුරු පැදියකි. එහෙමත් නැත්නම් මොට්ට සයිකලයකි. අඩි දෙකයි හූවකි. අපි දෙන්න බස් එළියට පැන්නේය.... මැදි වයෙන් පොරක් බස් රථය අසලින් නැගිටින්නට විය. බස් එකට අලාබහානි සුළුය. රියදුරා  කනේ වැලි ගෑවෙන්න ඔන්න මෙන්න තියා බස් රථය පාර අයිනට කපන ලදි. බස් එක අපි එක්කොමත් එක්කගෙනම පාර අයිනේ කානුවට වැටුනි. තව පොඩ්ඩක් එහා මෙහා උනානාම් අපට විසා ලැබෙනවා එහෙම නැත්නම් එහා පැත්තේ තියෙන වෙලේ මඩ කනවා.........ඒකත් වාසනවාකි.... අපි දෙන්නටද බඩු පැකට්ය. බස් එකට නැගලා සල්ලි දීල වද දීල දීට ටිකට් එක ගත්තා විතරයි. එකත් සිදුවුයේ කුප්ප වෙලාවටය...අපි නිට්ටඹූව දෙසට පයින් යන්නට විය. ලොවෙත් විවිධාකාර වාහන නිට්ටඹුව දෙසට ගියමුත් අපිට ලිෆ්ට් එකක් දෙන්න කබ්බෙක් සෙට් නොවීමත් කරුමයකි. ඒ අස්සේ වැස්සක්ද සෙට් විය.....

අම්මේ.....ඒකත් ඇති....නිට්ටඹුවට ඇවිත් ගෙදර එන්න අම්බානෙකට කට්ටක් කෑව....ගෙදර එනකොට සවස 7 විතර උනා......මට මේ වගේ කුප්ප කේස්වෙනවා අඩුයි. ඒත් මේ වගේ බොරසීන් සිද්ද වෙනවා දවස පුරාම ගොඩක් වෙලාවට. ඒක නිසා යන එන මගෙ තොට පරිස්සමෙන්....

සැලකිය යුතුයි - මේ දිනවල මගේ බ්ලොග් අඩවියේ නමා මාත්තරය වෙනස් කිරීමකට සැරසෙන අතර ඔබට කුප්ප නමක් පහල වුයේ නම් හෝ හිතේ හට ගත්තේ නම් මල් ළුල දැරීමට මෙහි කොටා යන්න...

Related Articles