Thursday, February 14, 2013

මොඩාර්න් 18 වංගුවෙන් මහියංගනය හා දඹානට - 2 කොටස


සැහ්...කුසුමා මොටද ලංවී රොන් ගන්න බැරි කියලා සිංදුවක් අහන ගමන් බස් රේඩියොවේ... පස්ට සිංදු ටික ඇහ්.....ඒ අස්සේ අහස කුසු කුසු ගානවා....අද වැලෙන් ටයින් දවසක්ලු... අපිට කොයින්ද ආලෙ කිව්වලු...අනික ඔය බඹරු රොන් ගන්නකොට කසුමගෙන් අහලවැ ඕව ගන්නේ....හැහ්.....

අහ් කියන්න ආපු දේත් අමතක උනානේ....

අද අර මෙව්ව එකේ දෙවනි දවස....ඒ කියන්නේ මොඩාර්න් 18 වංගුවෙන් මහියංගනය හා දඹානට දවසක් ! කියන්ට කියලා..... ඔන්න ඉතින් අපි මහියංගනේ නමස්කාර කරලා එහෙම ආවා සොර බොර වැව ගාවට දවල් කෑමට....එතකොට වෙලාව නිකන් 1යි හෝ 2යි වගේ තමා මතක....මම ඉතින් මැද පෙළ නියෝජන කරමින් උද්වේගකර ලෙස පන්දුවට පහර දෙන්නෙක් නිසා...දවල්ට කාලා ඉවරවෙනකොට සෑහීමකට පත්වෙන්න පුළුවන් ඉනිමක් සෙල්ලන් කරලා මහ රූස්ස ගමක් මුල අන තියාගෙන සොර බොර වැවේ බෝට්ටු යන එන දිහා බලාගෙන හිටියේ.... 

මේ තියෙන්නේ අඩු මුදලින් වැඩි දුරක් යන අපේ රටේ මන්දගාමී බොට්ටු සේවයක්..
සොරබොර වැවේ රවුමක් ගහන්න මෙයාලා අපෙන් 250ක් ඉල්ලුවා... 

කොහොම උනත් අපි හැමෝම මනුස්සයොනේ....එක හින්දා කෙවල් කරන්නේ නැතුවම අපි නඩේ සීන් එකට එන්ටර් උනා. මුලදි මුලදි කස්ටිය අදිමදි කරත් පස්සේ අපේ නඩෙන් සෑහෙන්න පිරිසක් සොරබොර වැවේ කරක්ගැහුවා කිව්වොත් හරි...හැබැයි මම ඇරෙන්න...
මම ඉතින් ඕවයේ දස්සයෙක් නෙවෙයිනේ.... මම දස්ස ඉතින් මතුර මට්ටම අඩියේ දෙකේදී ගැඹුරටම කිමිදෙන්නනේ...

අපේ පලවැනි සැට් එක අධිවේගී මන්දගාමී බොට්ටුවෙන් සොරබොර වැවමැද්දට

ඈතින් ඈතට....

ඈතින් ඈතට....

ඈතින් ඈතට........ගියා....


 මම විතරක් කුප්ප විදියට ගොඩ බිම තනි උනා.....වස ලැජ්ජාවයි ඕයි...ඒත් මොනවා කරන්නද අප්පා... මට පුංචි සන්දියේ හිටන් උඩ ගමන් වතුරෙන් ගමන් අපලයි...
ඔන්න ඉතින් ඒ අපේ නඩේ ඒ ආසාවක් ඉෂ්ඨ සිද්ධ කරගෙන අපි කථාකරගත්ත විදියට දඹානට ගන්න පිටත් උනා....එතකොට වෙලාව හවස 3ට විතර ඇති මයෙ හිතේ...පාර නම් කටුකයි....බොහොම දුශ්කරයි...දැන්නම් ඒ පැත්ත පාරට අර කාපට්ද මොකක්ද එකක් දාලලු...සික් විතරක් අපේම කරුමේ...

කොහොමද භාණ්ඩේ.....මට මේක දැක්ක ගමන් මතක් උනේ කව්ද බෝයි කාර්ටුන් එක ඕයි !


මුලින් දඹානේ හොල්ට් එකෙන් බැස්ස ගමන් තියෙන්නේ දඹානේ ඇත්තන්ගේ පොඩි කඩමණ්ඩියක්....ඒකේ මීපැණි.....කිතුල් හතුරු වගේ තවත් ගමේ හැදෙන පළතුරු ජාතී එහෙම තිබ්බා....අහ් තව කොටි දත්....ඇත්දත් වගේම.....පැදුරු ගෝනි එහෙමත් තිබ්බා....මිල නම් ටිකක් වැඩී .....එ උනුට ඔරිමජිනල් මේඩ් ඉන් දඹාන.....ඒ පැත්තේ ළමන් එහෙමත් දැන් දැණුමෙන් පොහොසත්....ලියන් කියන්න එහෙමත් දන්නවා... ඇයි තවයෙක්....කොච්චර උස් මහත් උනත් දැනුමෙන් පොසත් උනත් ඒ පැත්තේ උදවිය නම් එයාලගේ බහ වෙනස් කරලා නැහැ..අපිත් එකකත් හරි හරියට වැදි බාසාවෙන් කථා කරා...(අපි සාමාන්නය විදියට සිංහලෙ කථාකරනකොට ඒ ඇත්තෝ වැදි බාසාවෙන් තමා උත්තර දුන්නේ....) එයාලා හැම වෙලේම කිව්ව දෙයක් තමා එයාලාව අමතක කරන්න එපා කියන එක....ඒක ඇත්ත...අපි කවදාවත් අපේ ජාතියේ අගමුල අමතක කරන්න නරකයි...අම්මපා....

බලන්න මෙයාද දන්න අය ඉන්නවද කියලා... (මෙයා තමා තිසා හාමි කියන්නේ....)
හිටපු සුපිරි වැදි නායක ඇත්තෙක්....හැබැයි දැන්නම් මියපරාලොව ගිහිල්ලා.....


ඔන්න අපි එතනින් ගියා දඹානේ ගම්මුලාදෑනියාගේ ගෙදරට....

අපි එනකොට උන්දෑ බේත් තෙල් බිසිනොස් එකක් පටන් අරන්...බලන්න එපෑයෑ සෙනග...

අපේ ඇන්ට්ක් සෙට් එකටත් ඉතින් ඒ ඇති....ගිය ඔක්කොම වගේ බේත් තෙල් ගත්තා....මම ඇරෙන්න....මොකද මම තාම පොඩි එකානේ..

කොහොමද මගේ ඇහැ....පස්ට ලොකේෂක් එකක් නොවැ....


මේ ඉන්නේ දැන් ඉන්න වැදි නායකයා....ඌරු වරිගේ වන්නිල ඇත්තෝ.....
(ඔය පිටිපස්සෙන් තියෙන පින්තූර උන්දෙලගේ පරම්පරාවේ වරිගේ ඈයොන්ගේ පින්තූරලු.....)

මේ තියෙන්නේ දඹාන ගමේ ගෙදරක්.....

දඹාන ගමේ ජීවත්වෙන දරුවෝ....පව් අප්පා...
(මේ ළමයින්ගේ අඩුපාඩු දැක්කම අපිට මොනවද අඩු කියලා හිතෙනවා)



 ඊට පස්සේ එයාලා එයාලගේ මුතුන්මිත්තෝ සැතපෙලා ඉන්න සොහොනකට එක්කන් ගියා....අපි පොටෝ ගහන්න හදනකොට එයාලා ඒකට තරයේ විරුද්ධ උනා... ඒක ඇත්ත ඒක එයාලගේ නිජ භූමිය.....මේක අපිට වගේම එයාලටත් අයිති....අන්තිමට අපි එයාලට ආයුබෝවන් කියලා දඹානෙන් 5 විතර පිටත් උනු අපි ගෙදර එනකොට රෑ 12ත් පහුවෙලා තිබ්බේ....

කාලෙකින් ගිය සුපිරි ගමනක්...හිතටත් ලොකු විවේකයක් සැනසීමක් දැනුනා...අපි ලංකෑවේ දැකපු දේවල් අඩුයි...නොදැකපු දේවල් වැඩී....පොඩී උනාට මේ ලාංකාව පැරණි උරුමයන් තියෙන උතුම් රටක්...!

Related Articles