Saturday, October 20, 2012

මම පොඩි කාලෝ - 5 වන කොටස
( ඇත්තටම මට මොකද උනේ ? - 1 කොටස)

අලෝස් මයි ඩියර් අමීගෝස් ! මම ආවෝ.... හැහ් මේ මාත් එක්ක තරහා වෙන්න එපා මගේ ජීවිතේ අබ්ලික් එකේ මේ කොටස ලියන්න පරක්කු උනාට සොලි ඈහ්...මට සමාවක් ලැබෙයි නේහ්...!



මේක තමා මම ලියන අබිලික් ඇන්ඩ් ෆුල් අප්සැට් කේස් ඇතුලත් වගේම සංවේදි වගේම ඔයාලවත් මොංගල් කරවන සුලු....අයියෝ සල්ලි කිව්වලු...සුලුවෙන් හිතන්න බැහැ මේව මතක් වෙනකොටත් මගේ සරීර කූඩුවම  කිලිපොල පයිනවා....

මෙන්න මේකයි උනේ...

මම ගිය කොටසේ මගේ කථාව 11 වසරෙන් ඉවර කොලා නොවැ...
එන්න ඉතින් කොල්ලා 11 වසරෙන් 12 වසරට ආවා ඇහ්....දුක තමයි රන්ජනී..... හිටිය යාළුවෝ ඔක්කොම දාලා ආපහු වෙන ඉක්කෝලෙකට යන්න වෙන එකත් අමේ අම්මලා කියන විදිවට සොක්උනාට මට එහෙම උනේ නැහැ..සෑහෙන්න කාලයක් ගියා හිත හදාගෙන අලුත් ඉක්කෝලෙ උන් එක්ක සැට් වෙන්න. ඔන්න ඉතින් කිව්ව වගේ අමේ අම්මලාගේ තාත්තලාගේ වදේට මම හිටිය ඉස්කෝලෙන් අයින් වෙලා උසස් පෙලට වෙන ඉස්කෝලෙකට ගියා. ඉස්කෝලේ නම සිරි මිහිඳු මහා විද්‍යාලය,රදාවඩුන්න...(රදාවඩුන්න කියන්නේ අර වේවැල් බඩු විකුණන්න තියෙන්නේ අන්න ඒ පැත්තේ....)

ඔන්න ඉතින් අනේක වද හිංදා දුක්ක දොමනස්ස ඔලු කට්ට අස්සේ හිර කරගෙන ගියා අළුත් ඉස්කෝලෙකට. මා පිය සහෝදර සහෝදරියනී අන්න සබන් කිව්වලු. මෙන්න ඉස්කෝල... ගේට්ටුවක් විතරයි ඉස්කෝලෙටම ඈහ්. මේ ඉස්කෝලේ

දේශ සීමා නෑ
නවක වදය නැහැ.. (නැහැ කිව්වට කැමැත්තෙන්ම කේක් එකක් අරගෙන ගෙනැත් උන් එක්ක බෙදාගෙන කෑවා....)
සල්ලි කාරයා දුප්පතා කියලා වේදයක් නැහැ ඔක්කොම එක වගේ
සෙරෙප්පු දාන දුප්පත් එකාගේ හිටන් ලොකු ලොකු වාහන වලින් ඉස්කෝලෙට එන කොල්ලා වෙනකන් ඔක්කොම සුහදයි
බොහොම සුන්දර වට පිටාවක්....( ඉස්කෝලේ ඉස්සරහා මිදුලේ මැද ලොකු........... සියඹලා ගහක් තියෙනවා.....ඒක දැක්ක මුල්ම දවසේ මට අඹ යාළුවෝ කථාව මතක් උනා...සිරාවටම...)


ඔන්න ඉතින් ගියා අළුත් පන්තියට... යාළුවෝ යෙහෙලියෝ ගොඩයි...මටත් නිකන් මොකක්ද මොකක්ද වගේ...හේතුව මේකයි.... මම ඉස්කෝලෙට මම එන්න කලින් ඒ ඉස්කෝලෙට කව්රුවත් පිටින් ඇවිත් නැහැ....ඔක්කොම වටපිටාවෙන් ඇවිත් තියෙන ළමයි විතරයි. මම තමා ඒ ඉස්කෝලෙට කාලෙකට පස්සේ පිටින් ගිය ළමයා... මම යනකොට මුළු ඉස්කෝලෙම බලාගෙන ඉන්නවා. මටත් ඉතින් මේක මැජික් එකක්..... අම්මෝ මේ ඉස්කෝලෙට අම්ම බැන බැන පලයන් කියලා ගෙදරින් දැක්කුවට... පස්සේ පස්සේ ඉස්කෝලේ ඔක්කෝම බෙහොම ෆිට් උනා....පස්සේ පස්සේ ඉස්කෝලේ පොඩි පන්තියක හිටපු පොඩි එකෙක් මට අපූරු නමක් දැම්මා ඇන්ඩෘ කියලා..

ඇත්තමයි අද වෙනකන් මම දන්නේ නැහැ ඇයි එහෙම නමක් දැම්මේ කියලා ඉස්කෝලේ පොඩි පන්තිවල ළමයි. ඒ නම දැම්මේ මතකේ හැටියට 5 වසරේ පොඩි එකෙක්.. නම නම් මතක නැහැ.. ඒත් මම දැන් හිතුනහම ඉස්කෝලෙට ගියපුවහාම අනිවාර්යෙන් ඒ පොඩි එකා බලන්න යනවා . දැන් ඒපොඩි එකා 10 වසරෙද කොහෙද .....මම උසස් පෙළ ලිව්වේ 2007 වසරේ ...ඒ කාලේ ඒ පොඩි එකා 5 වසරේ කියන්නේ 2012 වෙනකොට ඒක 10 වසරේ.... ගිය ජනවාරියේ ඉස්කෝලෙට යනකොට එළීයේ ඇවිදිනකොට හම්බ උනා. ඇත්තටම කිව්වොත් මගේ යාළුවෝ හැමෝම මට කිව්වේ ලකියා කියලා. මුලදි නම් මට නම අමුත්තක් උනා වගේම කියනකොටත් ගොඩක් තරහා ගියා. ඒත් ඒ තරහා වැඩි වෙලා තියෙන්නේ නැති හිංදා ඉක්මනටම මම ඒ නමට   පුරුදු උනා. පස්සේ පස්සේ මම මගේ ඇත්ත නමටත් වඩා ලකියා කිවන නමට පුරුදු උනා. ඒ වගේම මේ ඇන්ඩෘ කියන නමක් පොඩි උන් කියපු මුල් කාලේ මට ගොඩක් තරහා ගියත් පස්සේ මම ඒ නමටත් පුරුදු උනා. මම මේ නම ඉස්කෝලේ කියපු වගක් දන්නේ නැහැ මේ වෙනකන්. මේ පළවෙනි පාර... ඔන්න තවත් රහස් නැහැ මේ පාර ඔක්කොම ලියනවා ඔයාලත් එක්ක....

දැන් ඉතින් මේ නම කියන්න හදන්න එපා... පරන ලකියා මයි මේ ඉන්නේ.... ඒක හිංදා ඒ නම ඒ පට්ට සුන්දර මතකයන් එක්ක තිබුනාවේ. මම තාමාත් ඒ නමට වගේම දැන් මගේ යාළුවෝ මට කියන නමටත් මම ආසයි. කොහොම උනත් පස්සේ පස්සේ ඉස්කෝලේ ඔක්කොම වැගේ ඒ නම දැනගත්තා ඊට පස්සේ පොඩි පන්තිවල හිටන් 11 වසර වෙනකන් ඔක්කොම වගේ මට ඇන්ඩෘ කියලා කිව්වේ... අදටත් මම ඉස්කෝලෙට ගියහම එහෙමයි. දැන් ඒ ඉස්කෝලෙට ගියහම මතකේ  ආයෙත් අලුත් වෙනවා. මහ අරුම පුදුම ඉස්කෝලයක් ඒ ඉස්කෝලේ

මෙන්න ලින්ක් එකක ගිහින් බලන්නකෝ මම මේ කියන ඉස්කෝලේ ගැන ( ලොකු ඉස්කෝලයක් නම් නෙවෙයි ඒත් මම මේ වගේ සුන්දර ඉස්කෝලෙකට එන්න ගොඩක් පිං කරලා තියෙනවා...)

මෙතනින් ගිහින් බලන්න

මේ ඉස්කෝලෙට අඩු පාඩු නම් ගොඩක් තියෙනවා. ඒත් ඒවා ඔක්කොම අර පරිස්සමෙන් අරගෙන ඉස්කෝලේ ඉදිරියට කරගෙන ගියේ බොහොම දුශ්කරතා මැද්දේ.... ආහ් තව දෙයක් මම ඒ ඉස්කෝලේට ඇතුලත් උනු අවුරුද්දේ...ඒ කියන්නේ 2005 අවුරුද්දේ තමා ඒ ඉස්කෝලේ අවුරුදු 8 හෝ 10 කට පස්සේ උසස් පෙළ පන්තියක් පටන් ගත්තේ. ඒක හිංදා අදටත් අපි පුළුවන් පුළුවන් වෙලාවට ඒ ඉස්කෝටලට යනකොට ඒ ඉස්කෝලේ ළමයි වගේම ඒ ගමේ මිනිස්සුත් මහා පුදුමාකාර ලෙන්ගතුකමක් තියෙනවා. ඒක හිංදා වෙන්න ඇති මම ඒ ගමට මේ තරම් ආදරේ හිතෙන්නේ...තව දෙයක් ඒ ඉස්කෝලෙදි තමා මගේ ප්‍රථම ආදරේ නොහොත් මගේ පස් ලව් එක මට ආවේ ඇහ්... ලැජ්ජාව සිලිකවරේ දාගෙන හරි ඒක කියන්න වෙනවා. ඒ ඒ ආදරේ ගොඩක් දුර ගෙනියන්න මට වාසනාවක් ලැබුනේ නැහැ.මම නම නම් කියන්නේ නැහැ....එයා එතකොට ඉගෙන ගත්තේ 11 වසරේ ඇත්තටම බොක්කෙන්ම කරපු ලව් එකක් නිසා තාමත් හිත හදාගන්න ආමාරුයි. එයා 2007 අවුරුද්දේ පිළිකාව කියන කාලකන්නි ලෙඩේ හිංදා මේ ලොකෙන් යන්න ගියා.. මේ ලොකේ කාටවත් එහෙම ලෙඩක් කාටවත්ම හැදෙන්න එපා......ඒක සිද්ධිය හින්දා මගේ ජීවිතේ ලොකු වෙනස්කම් ගොඩක් උනා කිව්වොත් හරි.....හ්ම් ......ජීවිතෙත් වෙලාවතට මහ පුදුමයි කියලා වෙලාවකට.......

මට මොකද උනේ කියන එක මම ඉස්සරහ කියන්නම්කෝ.....ගොඩක් ලොකුවට ලිව්වොත් කියවන ඔයාලට අබ්ලික් වෙලා අවුල් වියවුල් වෙයි...ඇහ්....

මතු සම්බන්ධයි !

Related Articles