Saturday, October 13, 2012

මම පොඩි කාලෝ - 4 වන කොටස
( අන්දෝලනාත්මක 11 වසර )

අලෝ අලෝ පීපල්ස් ........සොරි ආහ්.....ටිකක් ලේට් උනෝ....වෙල්කම් බැක් ආහ්....දිස් ඊස් යුවර් මොංගල් බුවාස් බ්ලොග් 

මෙන්න ගෙනවා ඔබ පුල පුලා උල උලා ....බලා සිටි ඒ අප්සට් වැදගත් මොංගල් අසික්කිත සිදුවීම් ඇතුළත් මගේ කථාන්තරේ නොහොත් මං පොඩිකාලේ කතාන්දර මාලාවේ 4 වන කොටස




ඔන්න ඉතින් වෙනදා වගේම මම අද කොටසෙන් කියන්න යන්නේ මගේ ජීවිතේ ගැන ලියන මේ කථාවේ හතර වන කොටසයි. මතකයිනේ ඉස්සෙල්ලා කොටසේ මම කිව්වා අපි අම්බානෙකට ලොක්කගෙන් බයිට් වෙලා ගුටි කාලා පිස්සු නටලා ඉස්කෝලේ හිටපු විදිය. හරි අද මම කියන්නේ මගේ ලයිෆ් එකේ තවදාවත් අමතක නොවෙන නොවුන 11 වසරේ මගේ ජීවිතේ පිටු පෙරලුනු විදියයි.

ඕලෙවල් නැත්නම් සාමාන්‍ය පෙළ කියන්නේ ළමයෙක්ගේ ජීවිතේ වෙනස් කරන දෙයක් කියලා හැමෝම කිව්වට මම ඒ කාලේ හිටන් ඒක විශ්වාස කලේම නැහැ. ඒකත් අර ඉස්සෙල්ලා කිව්ව වගේ පිස්සු විභගයක් කියලයි මම හිතුවේ. ඒත් ඇත්තටම එහෙම උනේ නැහැ.... හැබැයි මෙන අටමගුලක් උනත් උදේ පාන්දරම ඉස්කෝලේ ගිය . හිකිස්.....ඉගෙන ගන්න නම් නෙවෙයි ඩෙස් උස්සන්න. ඉස්සර මම හිටිය ඉස්කෝලේ ඩෙස් පුටු අඩුපාඩු කම් තිබ්බා. ඉස්සෙල්ලාම ඉස්කෝලෙට උදෙන්න එන කෙනා තමා දිනුම්. එයාට ඩෙස් පුටු තියෙනවා. අන්තිමට එන එකා කියන්නේ අර ඉරිද පොලේ හවස වගේ තමා අහක දාපු ටික තමා. අපිත්ඒ වගේ තමා උදේන්ම ඇවිදින් මුළු ඉස්කෝලේ වටේම ඇවිදලා තියෙන පට්ටම ඩෙස් පුටු අපේ පන්තියට ගෙනත් දානවා. ඔයාලට හිතෙන්න පුළුවන් අපි ඒ කාලේඅම්බානෙකට ඉගාන ගන්න ඇති කියලා. හප්පේ එහෙම නැහැ. අපි මේ ඩෙස් පුටු ගෙනාවේ අපේ සංගීතවැඩ වලට... සිංහලෙන්ම කියනවා නම් බෙර ගහන්න. 10 වසරෙන් 11 වසරට අපි ගෙනාපු එකම දෑවැද්ද කිව්වත් හරි. ඒ කාලේ තමා ඒ කාලේ... වන්ස් අපෝන්න ටයිම් කිව්වලු.. 11 වසර කියන්නේ කිටි කිටියේ යාළුකම් ඇතිවෙන කාලයක් නොවෑ... අපි උදේට එනකොට ඔය ඉස්කෝලේ අහුමුලු වල අයියලා අක්කලා කථා කර කර ඉන්නවා දැක්කට අපිට ඒවාගේ ගැන ගානක්තිබ්බේ නැහැනේ අප්පා. එකත් දැවගත්තේ මේ 11 වසරට ආවට  පස්සේ තමා අපි උදෙන්ම ඇවිදින් ඉස්කෝලේ පුරා ඇවිදිනකොට ඔන්න දෙන්නෙක් කොට්ටන් ගහක් යන බරටම කථාව දෙන්නම කෙට්ටන් ගහ උලාකනවා ඈහ්... කෙල්ලගේ හිනාව අප්පේ බලන්න එපැයි ආහ්... ආදරේ ආදරේ... අන්න වචනේ...

ඒ කියන්නේ කොල්ලෙක් කෙල්ලෙක් ගැන තියෙන ලෙන්ගතුකම ආසාව...ඇහ්... ඔන්න ඔලුවට වැටුන පළවෙනි දේ... දැන් ඉතින් අපේ ඒ කාලේ අපේ හිතට වදින රින්ග්ටෝන් එක තමා මල් සරා බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා කියන සිංදු තමා. මතක් වෙනකොටත් ආසායි. 11 වසරේ අපි ආසම වැඩේ තමා ගස් පනනවා කියල සෙල්ලමක් තිබ්බා. සුපිරි ආහ්.. තව එකක් තිබ්බා පෑන් සෙලලමක් තම තිබ්බා ගල් කිරනවා කියලා. අර ගල් කැට 5ක් අරන උඩ දාලා අතේ අනිත් පැත්තේන් අල්ලන්නේ ... අන්න එහෙම එකක අනේ මන්දා දැන් ඒවා මතක නැහැ...

ඒකාලෙත් අපේ මිතුරා වගේහ පරම පිවිතුරු හතුරා ඉස්කෝලේ පිනා තමා. නොදමකින් අහු උනොත් මොකක් හරි ටොපියක් සෙට් කරනවා මයි. තව හිටියා කුණූ සෝමා කියලා මිස් කෙනෙක් .. එයා කරන්නේ ළමයෙක් නිකන් ඇවිදිනවා දැක්කොත් කථා කරලා කුණු ගොඩක් පෙන්නලා ඒ ඒ ළමයට කියලා අද්දවනවා. පට්ට සැරයි ආහ්...අපේ උන්ට ඉතින් ඒ මිස්ව දැක්කොත් ඇති.. විසිල් දෙකයි බල්ටි දෙකකි හුවයි... අපි පුළුවන් තරම් ඉක්මනට බල ප්‍රදේශය මාරු කරනවා. ඒ කාලේ ඉතින් තිබ්බ එකම පිස්සුව ආදරේ තමා. කෙල්ලෙක් පේන්න බැහැ. කාන්දම් වගේ තමා. අපි 11 වසර සෙට් එක වැඩිපුරව ගැවසෙන පැත්තක් තමා 11 වසරේ නැටුම් පන්තිය පැත්ත.. හප්පේ ලස්සන නංගිලා පිස්සු ඈහ්... මොංගල් වැඩ කරාට අවංකයි අපි. ඔන්න ඒ කාලේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවේ තියන්න ලැස්ති කරන්න වගකීම ලැබුනේ අපිට. නියමයි.... සල්ලි එකතු කරලා බඩු ගේන් යනවා. ගිහිල්ලා 250 බඩුවක් කඩේට 400කට විතර බිල් කරගන්නවා. එකතොට අපිට තවත් 150ක් ඉතිරුයි.. ඔයවගේ පිස්සු වැඩ කරනවා. අන්තිමට කොහොම හරි රොලක් දාල ක්‍රීඩා උත්සවෙත් කරා. 

ඔන්න දවසක් අපේ පන්තියේ ආදරයෙන් වෙලුනු දෙන්නෙක් අපිට සෙට් උනා. මෙන්න බොලේ උන් අපිට ඩීල් එකක් දැම්මා. මොකක්ද ...? උන් දෙන්නට ලව් කරන්න දීල අපි ගාඩ් කලොත් චොකලට් කේක් එකක් අපි දෙන්නනෙක්ට කන්න.. ලොවෙත් කෑමට පෙරේතකමේ අපි වැඩේ බාරගත්තා. ඔන්න දැන් දෙන්න පන්තියේ පෙම් කෙලිනවා අපි දෙන්නෙක් එළියට වෙලා පිස්සු නටනවා. මගේ සහයක ඩෑනි චරියට පණ පෙව්වේ කෝසල කියලා හිතාදර බුවෙක්... දෙන්න ලව් අපි පව්.. දැන් ඔන්න වැඩේ සාර්ථකයි ආදරේ මල් ඵල ගැන්විලා අපි දෙන්නට ටොකලට් තඩි කේක් එකක් හම්බුනා... දැන් ඉතින් කන්න තැනක් කැහැ අපිට, බැරිම තැන අපි එහා පන්තියේ කෙළවරටම ගියා. ගිහින් කෙක් එක ගත්තා. මගේ සහයක ඩැනී උනු කොසල අහපි

"මචෝ මුන් දෙන්න මේකට ජාපාල දාලවත්ද දන්නෙ නැහැ "....කියලා

හුටා මේක ඇන්න ආවට කෝ අපිට කේක් කපන්න බඩ්ඩක් ඈහ්... වෙලාවට සහයක ඩැනී අතේ දිග අඩිරූලක් තිබ්බා.

ඇදල ගත්තා....

කැපුවා.........

කෑවා.............

පලවෙනි කේක් කෑල්ල කටවල් දෙකට බඩේ......අපි දෙන්න පිලිවෙලට මුලු කේක් එකම කෑව.. අපි දෙන්නා කේක් එකත් එක්ක පෙම් කෙලිනවා. අරුන් දෙන්න ඒ පැත්තට වෙලා පෙම් කෙලිනවා. ටික වෙලාවක් ගියා. ටිකෙන් ටික අපි දෙනවා පාලනයෙන් මිදෙනවා වගේ දැනුනා. තවත් ටික වෙලාවක් යනකොට අපි දෙන්න හුටුස් ගලා කැරගෙන්න ගත්තා. හරියට අපි දෙන්න එක තැන පන්තිය අපි වටේ කැරකෙනවා වගේ. සහයක ඩැනී පුටුවක් බදාගෙන කියනවා 

"අනේ මචෝ මාව ඇල්ල ගනිං....... "කියලා

මෙනවා අල්ලන්නද සහයක ඩැනි පුටුවත් පෙරලගෙන අන්දරේ වගේ බිම. මම තමා මග කැරකෙනවා. දැන් වැටෙයි දැන් වැටෙයි සයිස් එකේ. අමාරුවෙන් ආත පාත තිබ්බ පුටුවල් අල්ලගෙන මේසෙකට ඔළුව ගහගත්තා. ඇති යාන්තන් කරනම් ගහන්නේ නැතුව බේරුනා. සහයක ඩැනීය අමාරුවෙන් මේස කකුලක් අලලන් පුටුවකට බඩා ගැගෙන අමාරුවෙන් ඉන්නවා. ඔය විදිවට පැයක් විතර ගෙවෙනකොට අපි දෙන්නම පියවි ලෝකෙට ආවා.

සහයක ඩැනී - "ලකියෝ අපිට මොකද බං උනේ"

මම - "අනේ මංද බං මට වතුර ටිකක් බොන්න යනවා වරෙන් යන්න"

සහයක ඩැනී - "එතකොර ඇරුන් දෙන්නා"

මම - "අනේ මේ වරෙන් යකෝ උන් දෙන්න ඔහෙ ඇති වරෙන් යන්න ඉතින්"

අපි දෙන්න වතුර ටිකක එහෙම බීලා අපහු ආවා පන්තියට. ඇරුන් දෙන්න ආලෙන් වෙලිලා නිකං නයි කපල් එකක වගේ කියන නිකං කිචි කිචි වගේ. කොටුදාන්න බැහැනේ ...ඒකත් කරුමේ තමා. මේ දෑස දක්කටැයි කිව්වලු. අපි දෙන්න පන්තියට වෙලා ඔහෙම ඉන්නකොට ඉසුරුමුනි පෙම් යුවල ආවා. 

"මචෝ අපි යනවා උඹ දැන්ම එනවද ? "

නොදිකින් හිපාටුවො දෙන්නා. දුක දන්නේ වෙන කව්ද ඉතින් අපි දෙන්න තමා. ...

ඔය වගේ රසමුසු සිදුවීම් එක්ක මගේ ඉස්සරහට ගෙවිලාගියා නොදැනීම

ඊට පස්සේ.....!!!!!!!

තවත් කොටසක් මම පොඩි කාලෝ - 5 වන කොටස
( අන්දෝලනාත්මක 11 වසර - 2 ) කොටසින් බලාපෙරොත්තු වන්න 

Related Articles