Saturday, September 8, 2012

ඒ බං බලපංකෝ මේ පන්සලේ උස බං


මේකත් ඉස්සෙල්ලා කිව්වා ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම් වගේ එකක් තමා. මට මේක මතක් උනේ මගේ ඉස්කොල කාලේ පින්තූර බල බල ඉන්නකොට. මේක වෙනකොට මම උ.පෙළ කරන්න රදාවඩුන්න ඉස්කෝලෙට ගිය මුල් කාලයේ තමා. ඔන්න ඉතින් උ.පෙළ අපි ඉගෙන ගන්න කාලේ අපි තමා ඉස්කෝලෙ පොරවල් ඈහ් හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා තමා අපි නම් හිතාගෙන හිටියේ. මොන පිස්සුද ඒ කතා 11 වසර එවුන් කෙලින්න බලාගෙන මයි ඉන්නේ. අපි හිටිය සේනාංකෙත් එක්ක බලනකොට අපි කෑව නම් තාමත් උන් ගෙන් කනවා. බලන් ඉන්න එවුන්ට කියන්න වෙන්නේ පව් කියලා තමා.කොහොම උනත් අපි 11 වසරේ එවුන්ව බොහොම සමගියෙන් තියාගෙන ඉන්න උත්සහ කලා. සමහර වෙලා වැඩේ ගොඩත් ගියා. සමහර වෙලාවට ඉතින් සම"හරක්" ම තමා යකෙකුටවත් මෙල්ල කරන්න බැහැ. අපේ ලොක්ක වලි වලට බය හින්දා 11 වසරේ ගුටි කෙලි මෙල්ල කරන්න 12 වසරේ සිංහයොන්ට තමා කියන්නේ , හික්ස්... අපිනේ දන්නේ අපි දාන සෙල්ලං. අපි ඉතින් පුටු පෙරලගෙන දුවනවා වලි බේරන්න. එතන යනකොට ඉස්කෝලෙන් අපිට දුන්නු ශිෂ්‍ය නායක බැජ් ඔක්කොම සාක්කු වල හැංගෙනවා. ඊට පස්සේ ඉතින් අපි ඔක්කොම එක යායක තමා. අපේ අත පයෙත් හිරි ඇරගන්න මේ වගේ උත්සව අවස්ථා අපි අතාරින්න කැමති නැහැ.බොහොම ජයට සමරනවා. අපිත් වලිය බේරන මුවාවෙන් එකෙක්ට හය හතක් අයිනවා.

පට්ටම කාලයක් ඒ කාලේ. අපි ටීචර්ලට නොවෙයි ටීචර් අපිට වඳිනවා " අනේ පුතේ ඉස්කෝලේ එන්න 80% සම්පූර්ණ කරගන්න " කියලා. ඒත් ඉතින් හිත දුවන්නේම 11 වසරට. ඇයි ඉතින් වලි බේරනවා ඉවරයක් නැහැ. ඇත්තටම කිනවා නම් අපි ඒකට ඒක නම් කිව්වේ හිතවත්කම් අලුත් කරගන්නවා කියලා. ඒකෙත් අමුතු විනොදයක් තියෙනවා. අපි ඉතින් 11 වසරට යනකොට කොල්ලො ගහ මරා ගත්තට 11 වසරෙන් උන්ට පහල පන්තිවල පොඩි උන් තොප්පිය දීල ඉවරයි. අපි එනකොට සීන් එකේ සුපිරි ජවනිකා ඔක්කොම ඉවරයි. අපි ඉතින් ඉතුරු කොටස් ටික පෙන්නලා එනවා. පස්සේ පස්සේ මේ තත්වය ගොඩක් වෙනස් උනා. අපිට 11 වතර තහනම් කලාපයක් උනා මොකද අපි වලි බේරන්න යන මුවාවෙන් 11 වසරෙ නංගිලගේ දුක සැප බෙදාගන්න යනවා කියලා ඉස්කෝලෙ පුරාට කත කථා පැතිරුනු හිංද. හැබැයි ඇත්තට අපි එවුගි ගියේ එකට තමා. ඒවගෙන් සමහර ඒවා මේ වෙනකොට සුභ මංගලම් වලින් කෙලවර උනු සිද්ධිත් තියෙනවා. ඒවා  පස්සේ කියන්නම්.

මම කිය කියා හිටියේ අපේ ඉස්කෝලේ කාලේ ගැනනේ. මම මේ කියන්න හිටිය කථාව සිද්ධ උනේ 2008 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ තිබ්බේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේ. අපි ඉස්කෝලේ පුස්ථකාලෙට පොත් ගන්න පාසැල් පොලක් තිබ්බා. අතහිත උසස් පෙළ අංශයෙන්. ඒ කියන්නේ අපෙන්. අපිටත් හැමදාම හිස් අතෙන් මේ ජීවිතෙන් යන්න බැරි හිංදා ලකුණු ටිකක් දාගන්න හිතාගෙන වැඩේට බැස්සා. අපි හිතුවට වඩා අපි සංවිධානය කරපු පොළ මහා පරිමාණයෙන් සිද්ධ උනා. මට මතකේ හැටියට 125,000 ක විතර මුදලක් එකතු උනා. ලොක්කගෙනුත් අපිට උපරිමෙම්ම උපහාර. ආසානෙ අක්කේ කිව්වලු. අපිට ඉතින් දකින දකින තැන ලකුණු. ඔන්න ඉතින් අපි ඒ සල්ලිත් අරගෙන පොත් ගෙන්න පැලෑනක් ගැහුවා. ලොක්කත් එනවා කිව්වා එයාගේ වාහනෙත් අරගෙන අපිත් එක්ක පොත් ගේන්න.

ඕකට තමා කියන්නේ දෙන දෙයියො පන්න පන්න දෙනවා කියලා. අපේ ප්‍රවාහන ගාස්තුත් ඉතුරුයි. ඔන්න දවසක් අපිට ඉස්කෝලේ ලොක්කා. නැත්නම් පිනා එහෙමත් නැතනම් පින්සිබැල් තුමා එන්න කිව්වා පුස්ථකාලෙට. අපි ගියා බලන්න මොකද මේ එන්න කිව්වේ කියලා. වෙනදට නම් එන්න කියන්නේ ලොක්කගේ කාමරේට මට මතකයි දවසක් අපි දවසක් ඉස්කෝලෙන් පැන්නා. කථා කරගත්තේ 2 .00 වෙනකොට ආපහු ඉස්කෝලෙට එන්න. (මතකද ඉස්සර ඉස්කෝලේ ඉවර උනේ හවස 2.00ට.) 

ලොක්කා - ඔක්කොම ඇවිද්ද ඉන්නේ ? කවුරුහරි පන්ති වල ඉන්නවා නම් ඉක්මනට එන්න කියන්න. මට මේ වෙනුවෙන් ගොඩක් වෙලා ගන්න බැහැ

අපි - ඔක්කොම ආව සාර්

ලොක්කා - හරි මෙන්න මේකයි අපි එන්න කිව්වේ (ලොක්කගේ ජතික කථනය පටන් ගත්තා.)
මේ දරුවො බොහොම මහන්සි වෙලා ගමේ අයලෙනුත් උදව් අරගෙන කරපු ඉස්කෝලෙ පොලෙන් රුපියල් 125,000 ආසන්න මුදලක් එකතු වෙලා තියෙනවා.දැන් අපි මමත් මේ ගුරු මන්ඩලයත් එක්ක කථා කරගත්තු විදියට අපි ඔය ලමයින්ගෙත් සහය අරගෙන මේ ඉස්කෝලෙට වටිනා කියන පොත් පත් ටිකක් ගෙන්න.

(අපිත් හිනා උනා විතරයි මොකුත් තියන්න ගියෙ නැහැ. ඇත්තට හිත යටින් අපි හැමෝම ඇත්තටම සතුටක් තිබුනා.)

ටික් වෙලාවක් සද්දයක් නැතුව හිටපු ලොක්කා එයාගේ කථාවේ ඉතුරු කොටස  කියන්න පටන් ගත්තා.

ලොක්කා - හරි දැන් මෙන්න මෙහෙවයි වෙන්නේ. අපි හෙට හවසට ඔයාලගෙන් ගේන්න ඕනි පොත් ලැයිතුවක් ගන්නවා. ඉස්සල කරපු වැඩ වගේම මේකත් බොහොම ඕනැ කමින් කරයි කියලා හිතනවා.

ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙ කිව්වලු. ලොක්ක අපිට මුළු පුස්ථකාලෙම පොත් ටික බලලා අඩු පොත් මොනවද නැත්නම් ගේන්න ඕනි පොත් මොනවද කියලා ලැයිතුවක් හදන්න දුන්නා. අපි පොත් පෙරල පෙරල බලන අතරේ තවත් කොනක තව කොටසක් පොත් පෙරලනවා.

අර පෝලෝ ඇඩ් එකේ වගේ ගම් පෙරළිය නෙවෙයි පෙම් පෙරළිය. 

මට මතක හැටියට අපිට ඕනි කියන පොත් ඇරෙන්න ගත්ත පොත් අතර අදටත් මතක පොත් කිහිපයක් තියෙනවා

ශාර්ලොක් හෝම්ස්
ඇන කැරනිනා
තිලක සහ තිලකා
ඳඟ මල්ල මහ අමුතු ඉස්කෝලේ
ගුරු ගීතය
සරසවියක දවසක්
ඈන්
මා දුටු මාර්ක්ස්වාදියා (මේ පොත මං අතින් නැති උනා, තාමත් මතක් වෙනකොට හිතට ගොඩක් දුකයි )
පිටසක්වල ජීවීන් (U.F.O)

පොත් ගොඩක් ගත්තා උනාට මතක ඔය ටික විතරයිනේ. දුක තමා සොරි ඈහ් මතක් උනොත් අනිවාර්යෙන්ම දාන්නම්. ඔන්න ඉතින් කියපු විදියට අපිට ඕනි පොත් එක්ක පහළ පන්ති වල ඉන්න ලමයින්ට ඕනි කියන පොත් ලැයිතුවත් එක්ක අපේ 12 වසරේ 5 දෙනෙකුයි උදෙන්ම කොළඹ එන්න පිටත් උනා.අපි කොළඹට එනකොට උදේ 8.15 විතර උනා. අපි පොත් අරගෙන එළියට එනකොට දවල් 2 විතර උනා. කොහොම හරි කොටසකගේ ඉල්ලීමක් උඩ අපේ සෙට් එකට කොළඹ වටේ රවුමක් එක්ක යන්න අපේ ලොක්ක කැමැත්ත දුන්නා. අපේ සෙට් එකේ කොළඹ දැකපු නැති අයත් ඉන්නවා කිව්වොත් පිළිගන්න එකක් නැති වෙයි ඔයාලා. ඒත් එක තමා ඇත්ත. කොළඹ වටේ කරක් ගහපු අපේ සෙට් එකව එක්කගෙන ආවා Twin Tower (ටුවින් ටවර් ) එක ගාවට.. අර නිවුන්නු බිල්ඩින් දෙක. ලංකා බැංකු ගොඩනැගිල්ලට එහා පැත්තෙන් පේන්නෙ..... අන්න ඒතනට...






ඔන්න ඉතින් අපේ කස්ටිය බැස්සා. නොදන්න සෙට් එකට මැජීක් ඈහ්. නොදන්න එකෙක් නම් අහල දැන ගනිල්ලා අපේ ඔක්කෝම දැන් සියල්ල දත්තෝ වගේ ඒක දිහා බලාගෙන ඉන්නවා. එහෙම ටික වෙලා ඉන්නකොට අපේ රැලේ එකෙක් අනිත් එකාගේ පැත්තට හැරිලා කියාපි

" ඒ බං බලපංකෝ මේ පන්සලේ උස බං . මාර උසක්නේ තියෙන්නේ " කියලා

අනිත් ගොරකයා ඒ එක්ම කිව්වෙ නැතෑ

" එතකොට බං හාමුදුරුවෝ උඩට වඩින්නේ ලිෆ්ට් එකේද බං " කියලා

අයියෝ සල්ලි මුන් නං මහ මැටි පූසෝ දෙන්නෙක්ම තමා. කට ඇරියොත් ඉවරයි. බොහොම අමාරුවෙන් ලැජ්ජාව වහගෙන උන් දෙන්නවත් පටවගෙන ආපහු ඉස්කෝලෙට ආවේ. එතකොට වේලාව හවස 5.40 විතර වෙලා තිබ්බා. මම මේක මගේ සගයෝ දෙන්නගේ නම ලිව්වේ නැත්තේ උන් දෙන්නා මේක දැක්කොත් පහවදාට මට අනිච්චාවත සංඛාරා තමා. ඒ උනාට අපේ සෙට් එකේ සෑහෙන කාලයක් උන් දෙන්ව අම්බානෙකට බයිට් උනා. උන් දෙන්නා කොහොමත් යන්නේ එන්නේ එකටමයි මරු ගජයෝ දෙන්නේක්. උන් දෙන්නා එනවා දකිනකොට අපේ එවුන් කියනවා " මචෝ අන්න ටුවින් ටවර් එනවා " කියලා. කෙරන්න දෙයක් නැහැ ඕකට තමා කියන්නේ ඉල්ලන් කනවා කියලා

 යකෝ මොකෙක් උනත් තමන් නොදන්න දෙයක් තියෙනවා නම් අහල දැන් ගත්තා කියලා ලැජ්ජාවක් වෙන්නේ නැහැනේ.   

Related Articles