Monday, September 17, 2012

මගේ පොඩි කාලේ....

අලෝ අලෝ කොහොමද ?
ඔන්න අද හිටන් මම මගේ ජීවතේ අප්සට් වැදගත් මොංගල් අසික්කිත සිදුවීම් ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා හිතුවා. මම පොඩි කා‍ලේ...

ආවේ කොහොමද ? (අම්ම කියන විදියට බොහොම දුශ්කර ගමනක්ලු ඇහ්... මට තේරෙන එකක්යෑ)

හ්ම්..අපේ අම්ම කියන විදියට පොඩිකාලේ මම ඉපදුන වෙලාවේ අඬල නැහැල්ලලු... අඩුම ගානේ මගේ පපු කැනැත්තවත් ඩක ඩක ගාල හෙලවිලා නැහැල්ලු... ඉස්පිරිතාලේ බුවාලා හිතල තියෙන්නේ මම මලා බොරක් කියලලූ. ඊට පස්සේ මට දෙන්න තියෙන ඔක්කොම වද දීල... ඒත් කිසිම චාරයක් නැහැල්ලු.. අම්ම ගොඩක් බය උනාලු... ඊට පස්සේ අම්මට අනතුරක් වෙයි අම්මා මානසිකව වැටෙයි කියන බයට ඩොක්ටර්ලා මාව අම්ම ගාවින් තියලා ගියාළු... එයාලා මාව අම්මට දීල තාත්තවත් එක්කගෙන ඈතට ගිහින්... මෙනවද කියලා තියේ... අම්මා ඒවා දන්නේ නැහැල්ලු.... අම්ම මං දිහා බලන් හිටලා බැරිම තැන මාව අරගෙන තුරුල් කරගෙන තියෙනවලු...එහෙම ඉන්නකොට විනාඩියක් විතර පහුවෙනකොට එක පාරටම මුලු වාට්ටුවම දෙදරන්න මම හයියෙන් අඬන්න පටන් ගත්තලු.. අම්මට එතකොටලු හිතේ බය ඇරිල තියෙන්නේ....ඊට පස්සේ මට එක එක ඒව ඇනලා ලේ අරන් එක එක දේවල් ඩොකාල කොරල තියෙනවා. අම්මපා අහු උනා නං එකෙක් වත් අතාරින්නේ නැහැ.. සලකනවා සැලකිල්ලක්... ලොවෙත් නැති විදියට....හිකිස්.. (මම අම්මගෙන් කිරි බොනකොට මගේ බෙල්ල දිගේ ලා කහ පාටට කිරි යනවා පේනවලු... ඔය ගිය දවස් ටිකේ මොටර් බයිසිකලේ පෙරල ගෙන ගෙදරට වෙලා ඉන්නකොට අම්ම කිරි එකක් හදලා මට ගෙනත් දීල මගේ කකුල් කකුලේ තුවාලේ ගාව අතගාන ගමන් මට ඒක කිව්වේ..... )

මට තේරෙන කාලේ.....

මට යාන්තම් මතකයි මම දකිනකොට උඩයට මාරුවෙලා පේන්නේ....තව පැත්තටත් පේනවා.... ඒ දේවල් නිකං හීනෙන් හීනෙන් වගේ මතකයි . මම ඒ ගැන කියනකොට අම්මා කියනවා... මම ඇවිදින්න පටන් ගත්තු මුල් කාලේ මම බිත්ති අල්ලලා නැගිටලා ඇවිදලා දුරට ගිහින් නැවිලා කකුල් දෙක අස්සෙන් ඔලුව නවලා බලලා හයියෙනි හිනා වෙනවලු...


ඒ කාලෙත් දැන් වගේම ටිකක් සොට් වගේම මොංගල්.... තව දෙයක් මට හොරට කිරි පොවන්න බැහැල්ලු... ඒවා මම ටක්කෙටම ඕනිලු.... නැත්නම් ලතොනි තිය තිය අඬනවලු... (නොදකින් මං වගේ පෙරේතයෙක්) ඉස්සර අපේ තාත්ත වැඩට ගියේ පාන්දර 5.30ට විතරලු... ඒක හිංදා අම්මා පාන්ද 4 වෙනකොට මට කිරිදීලා තාත්තට කෑම හදන්න යනවලු... බැරි වෙලාවත් මට බාගෙට කිරි දීල අම්ම ගියොත් සොරිම තමාලු... අම්ම එනකම්ම එක දිගටම එකම සිංදුවලු.... තව දෙයක් මට බෙල්ලට දාපු පංචායුදේ දෙතුන්පාරක්ම හපල හපලා කඩාගෙන තියෙනවා. මට ඒ මාලේ ආයෙ හදලා බෙල්ලට ලං කරනකොටම මම හයියෙන් කෑගහනවලු.... හැබැයි ඒකනම් ඇත්ත තමා.. මට අදටත් ඔය සුකුරුත්තන් ආභරණ අරහන් ඇයිද දන්නේ නැහැ...

මොටටසොරි යන්න කලින් මම මොකද කලේ ඈහ්....?

මම ඉඳුල්කට ගාපු කාලේ..... (කෑම පෙරේතයෙක්ලු.... අයියෝ.....ච්ක්කේයියා...)
ඔන්න දැන්මට ටිකක් කතා කොරන්නත් පුළුවන්ලු... මටම කියලා භාසාවක්ලු තිබ්බේ.. අම්මලටත් වෙලාවකට තේරෙන්නේ නැහැල්ලු.. මාව තොටිල්ලේ තියලා තිබ්බහම තනියෙන් මෙනවදෝ කියවලා හයියෙන් හිනාවෙනවලු... මේක ලියන වෙලාවෙත් ඒ දේවල් අම්ම කියපු හැටි මතක් වෙල මූණට හිනාවක් ආවා... මම ඒ කාලෙත් දැන් වගේම මොංගල් බුවෙක්ද කොහොද.. නැත්නම් තිනියෙන් කියවයි යෑ. ඔන්න ඉතින් ඉඳුල්කට ගාන වෙලාවට තාත්තා මාව ඔඩොක්කුවේ තියාගෙන පන්සිල් අරගෙන... අර කෑම ගොඩක් මැද්දේ ඉන්දවලා පොත් සල්ලි ආභරණ කෑම එහෙම තියලා මාව එතනින් තිබ්බලු... ඊට පස්සේ එයාල බලාගෙන හිටියලු මම ඉස්සෙල්ලාම මම මොනවද ගන්නේ කියලා... අම්මලගේ දහසක් බලාපොරොත්තුවලට කෙලවමින් මම ලොකූ කිරිබත් කැටයක් අතට අරගෙන අම්ම දිහා බලල හිනාඋනාලු.. මට ඒ දේවල් නං මතක නැහැ ඒ‍ත් අර මාව කෑම ගොඩක් වටේට තියාලා කියපු හැටිනම් ලාවට මතකයි. හැබැයි ඉතින් ඒ දේවල් ටක්කෙටම හරි ආහ්. කන්න කැමකිම කෑම කිරි බත්... අකමැතිම දේවල් වලින් මුලින්ම තියෙන්නේ ආභරණ

අලුත් යාළුවෝ... පළවෙනි වතාවට අම්මගෙන් ඈත් උනේ....


මේ කියන්න යන්නේ මම මොට්ටසොරි ගිය කාලේ... කොහෙද කියලා මතක නැහැ.. ඒත් මොට්ටසොරිය තිබ්බේ රේල් පාරක් අයිනේ... ලොකු මාරගහක් යට. අම්ම කියන විදියට ඒ මොට්ටසොරිය තිබිලා තියෙන්නේ මීරිගම YMBA ගොඩනැගිල්ලේ පිටිපස්සේ....අද නම් එතන තනි මාන කැලයක්... එහෙදි තමා මට මුලින්ම යාළුවෙක් හම්බුනේ.... නම කසුන් නන්දන  ...හ්ම්.. අද වෙනකොට ලංකාවෙන් පිට ඉන්නේ.. අනිවාර්යෙන්ම කථා කරනවා හොයලා බලනවා.. කියන්න බැරි ලොකූ බැඳීමක් එක්ක සහෝදරකමක්.. තව හිටිය අයගෙන් මතකයි සුමාලි ගායාත්‍රී කියලා දෙන්නෙක් ඒකෙනුත් සුමාලි තාම ලංකාවේ ඉන්නවා ගායාත්‍රී ජපානේ පැත්තේද කොහෙද ගියාලු.. දන්නේ නැහැ... ආහ් කියන්න බැරි උනු බොක්කෙම ෆිට් එකක් ඉන්නවා.ඒ තමා ගයාන් කියලා. ඔය විදියට කාලයක් තිස්සේ යාළුවොත් එකක් ජීවිතේ ගෙවුනා. ජීවිතේ ගැන බරක් දැනුනේම නැහැ
ඔන්න ඒ කාලේ මම කරපු මොංගල් වැඩක්
දවසක් අම්ම කඩේ ගිහින් හාල්මැස්සෝ ගෙනත් භාජනේකට දාලා වෙන වැඩකට ගිහින් එනකොට භාජනේ තිබ්බ හාල් මැස්සෝ ටික නැහැල්ලු.. මම විතරක් ඉන්නවලු.. පස්සේ මගෙන් ඇහුවලු.. 

අම්ම -" කෝ පුතේ මෙතන තිබ්බ හාල් මැස්සෝ " කියලා.

මම කිව්වලු.. " උන්ට පීන්න කියලා අන්න අලකට දැම්මා " කියලා වතුර බොන කලේ පෙන්නුවලු..

මම හාල්මැස්සෝ ටික ඔක්කොම කලේට දාල වහලා.....


මොට්ටසොරියෙන් ලොකු ඉක්කෝලෙට

ඒ කාලේ ම ඉස්කෝලේ කියන්න බැහැලු.. කියන්නේම ඉක්කෝලේ කියලලු... මම ඉක්කෝලෙට ගිය මුල්ම දවසේ මතකයි . කාටද ඒක අමතක නේද ? එතනින් තමා පොඩ්ඩක් හරි මගේ ජීවිතේ අද දිග අරින්න ලැබුනේ. ඒකත් වෙලාව කියන්නේ මගේ බොක්කෙම ෆිට් එකක් උනු කසුනයි මායි එකම පන්තියේ හැබැයි මේස දෙකක. අපිට අපේ පුටු මේස පෙන්නල දුන්නට මම හැමදාම ටීචර් ඇවිත් බලනකොට මම කසුනගේ මේස ඉන්නවලු... ටික දවසක් බැලුවට වෙනසක් වෙන්නේම නැහැල්ලු.. පස්සේ මාවයි කසුනවයි පන්තියේ ඉස්සරහම මේසෙකට දැම්ම... අයි අම්මා අලි සෝක් කිව්වලු.. අපි දෙන්නට ඒකත් වෙනසක් නැහැ මොට්ටසොලිය වගේමයි. ඒ ඩෙස්ක් එකේ තුන් දෙනෙක්ට ඉඩ තිබ්බා. ඔන්න එක දවසක් අපේ මේසේ අඩුව පුරවන්න කෙනෙක්ව දැම්ම. නම අසංක.... වෙනසක් නැහැ ඒකත් අපි දෙන්න වගේමයි පට්ට ආහ් අසංකයගේ සම්පූර්ණ නම අසංක ඉන්දික  අපි තුන්දෙනාවම මුදා නොගත් පැත්තකට දැම්මා. හැමවෙලෙම ටීචර්ලා අපි තුන්දෙන ගැන ඇහැ දාගෙන හිටියේ...


ඉදිරි කොටසෙන්... එක වසරේ ඉඳන් පහ වසරට වෙනකන් ලොකු ගමනක්.... ඉක්මනටම ලියන්නම්


Related Articles