Wednesday, September 12, 2012

කොල්ලො තුන්දෙනෙක්ට එරෙහිව ගොනෙක් !
සුදානමටත් පෙර අවදානම

අලෝස් අලෝස් ....කොහෙමෙයි

ඒ කාලේ ආහ්.... ඒ කාලේ කියන්නේ ඒ...කාලේ.....කළකට පෙර එකමත් එක කාලකෙ.. මතක් වෙනකොට ඇඟ කිළිපොය යන පොළා පනින අතිශය භයන්කර භීතිය උපදවන සීන් එකක් උනාත එතකොට මේකා එහෙම නැත්නම් මම කියන එකා යාන්තන් 11 වසරෙන් 12 වසරට බඩගෑව විතරයි. සා.පෙළින් උ.පෙළට වෙන ඉස්කෝලෙකට ගියා විතරයි. අනේ අප්පේ යාළුව අද නැත වෙන අය එහි ඇත. ඉස්කෝලේ කොච්චර ළමයි   හිටියත් මම තනි උනා වගේ, ඉස්සර වගේ ගොන් වැඩ කරන්න සහය දෙනමගේ යාළුවො එකෙක්වත් නැහැ ඔක්කොම අළුත් මූනු. කරන්න දෙයක් නැහැ ඉන්නම වෙනවා, මොකද ගෙදර ඉන්නවා කියන්නේ ඊට වඩා ඛේදනීය ඉරණමක් වෙන හිංදා. අනේ මංදා කොහොම  කියන්නද නවක වදයටබයෙන් අළුත් ඉස්කෝලෙට ගිහින් සතියක් ගියෙ නැද්ද කොහොද.... ඉස්සර වගේම ගොන් වැඩ කරන්න පුළුවන් සෝක් යාළුවො 2ක් සෙට් උනා. එකෙක් සිසන්ත අපි  කිව්වේ  සසියා... අනිකා කසුන්....අපි කිව්වේ කස්සා කියලා....මොන මගුලක් කරන්න යං කිව්වත් " යාමු මචෝ " කියන යාළුවො දෙනන්නෙක් මගේ ගති ගුණමයි. ඊට පස්සේ තමා මගේ  ජීවිතේ ගෝල්ඩක් ඒජ් එකද මොකක්ද එක ආවේ. මම කියන එකාට ඉස්කෝලෙන් ශිෂ්‍ය නායකකම ලැබුනනේ. මූණට නොකිව්වට ඉස්කෝලේ ලොක්කා කරපු ලොකුම වැරැද්දත් ඒකමයි. ඉබ්බෙක්ට පිහාටු දුන්න වගේ.... ආසයි මං පියාඹන්න..අපි 1 වසරේ හිටිය කාලේ ලොකු අයියල අපිට ටොකු ඇන ඇන හිටිය අප්සැට් යුගේ ඉවරයි. දුප්පත් අපි රජවරු මේ කාලේ තමා.

ඔන්න ඉතින් කාලය ගතවීගෙන යනවා. මගේ ගොන් වැඩත් කෙරීගෙන යනවා. ඉස්කෝලේ ලොක්කගේ ෆයිල් වල අපේ ‍පොරොන්දු කොළත් පිරීගෙන යනවා.

ආහ් කියන්න අමතන උනානේ. ඒ ඉස්කෝලේ තමා මම දැක්කට පට්ටම ඉස්කෝලේ ආහ්. වරදක් කලත් සිතකින් නොවේ. වරදට සමාවක් දෙන්නෙත් අමුතුම විදියට. ඉස්කෝලෙට කිසිම තාප්පයක් නැහැ වැටත් නැහැ.තිබ්බේ පරණ ගේට්ටුවක් ඒකත් 80 දශකයේ. මගේ ජීවිතේ ඉස්කෝලෙන් නිදහසේ පනින්න ලැබුන එකම ඉස්කෝලේ.... අපේ ඉස්කෝලේ.. එහෙමත් නැත්තම් මගේ ඉස්කෝලේ අපි ඔය එක එක වැරදි කරපුවහන අනිත් ඉස්කෝලවල වගේ නෙවෙයි මගේ පළවෙනි ඉස්කෝලේ නම් වදරක් කරපුවහම අපි ලොක්කගේ කාමරේට ගෙන්නලා දොරවල් වහගෙන නෙළුවේ ආහ්.... හරියට උඩරට පැත්තේ තේ දළු කඩනව වගේ. මේ ඉන්නවා මේ නෑ.... හරියට සුදු වෑන් වලින්ඉස්සුවා වගේ ඉස්සර 11 වසරෙදි අපි ඉන්නෙම ලොක්කගේ කාමරේ.. පන්ති කාමරේට වඩා වැඩිපුර හිටියේ ලොක්කගේ කාමාරේ..

කථාව පිට යනවෝ දැන් වරෙල්ලා ආපහු කථාවට... මගේ දෙවනි ඉස්කෝලේ... එහෙම නැත්නම් මම උ.පෙළ ඉගන ගත්තු ඉස්කෝලේ අපි වරදක් කරපු වහම ලොක්කා පන්තියටම ඇවිදින් අපිට ලොක්ගේ කාමරේට එක්කගෙන යනවා. ගිහින් පොතක් ලියන්න තරම් ලෙක්ජර් එකක දෙනවා අපිව හැති වැටෙන්න. ඊට පස්සේ ඒ4 පොලයක් දෙනවා පොරොන්දුවක් ලියන්න..

මෙන්න ඒ කොලේ අඩංගු වෙන්න ඕනි දේවල්.. ඇත්තටම කිව්වෝත් මේක සහසික ලෙස අහිංසක වැරදි කරුගේ පාපොච්චාරණයක්

වරද 
වරදට උදව් දුන් පිරිස
 අයෝ ඒ වැරැද්ද නොකරන බවට දෙනු ලබන පොරොන්දුව (තනි වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන්)

ආහ් කියන්න අමතක උනානේ... අර දඩපොතේ වගේ වැරැද්දේ ස්භාවය අනූව ඔය වැරැද්ද ගැන දෙන පොරොන්දුව වෙනස් වෙනවා.. ගොන් වැඩේ කලේ තිනයෙන් නම් ගොඩක් වෙලාවට එක පාපොච්චාරණයකින් බේරෙන්න පුළුවන්... එහෙම උනොත් ඒකට ගුඩ් ලක් තමා. ලොන්ග් ලයිෆ් තමා
හැබැයි ගොන් වැඩේ කලේ පිරිසක් වශයෙන් නම් ... ඒ කියන්නේ අපි  ගොන්වැඩේ කලේ මෝඩ රැලක් වශයෙන් නම් සිද්ධිය ඉහළ උසාවියට යනවා. ඒ කියන්නේ අපේ අවනඩුව විභාගයට ගන්නේ ඔෆිස් එකේ ආහ්
එක්කෙනෙක් එක පාපොච්චාරණයක් ලියන්නත් ඕනි. ඊට පස්සේ කණ්ඩායම් වශයෙන් එක පාපොච්චාරණයක් ලියන්නත් ඕනි. ඒවා ඔක්කොම අපේ නම් අනූව ලිපිගොනු වෙනවා.

ඔන්න ඕක තමා අපේ ඉස්කෝලේ නීති රීති මාලාව.....හිකිස්... ඇත්තටම ඉස්තෝලේ ලොක්කා නම් දෙවියෙකි. මම දන්න කාලෙකට ළමයෙක්ට ගහල නැහැ රිදෙන්න.. ගැවුවොත් එදා දවසටම කන්නෙත් නැහැ තනි අවුලෙන් ඉන්නේ. මම දැකලා තියෙනවා දවසක් අපි ඉස්කෝලෙන් පැනල අහු උන වෙලාවක අපිට ගැහුවා.

ඊට පස්සේ අපිට කිව්වා

"පලයල්ල යන්න උඹල මගේ හිත රිද්දුවා..... "

 ඊට පස්සේ කැන්ටිමට ගිහින් තනියෙන් අඬනවා. එදා අපිටත් අවුලෙන් හිටියේ.. අප කරපු වැරැද්ද හිංදාවත් ගුටි කාපු හිංදවත් නෙවෙයි. අපි ලොක්කව අඬවපු හිංදා. ඒක හිංදා වෙන්න ඇති ගමේ හැමෝම වගේ ඉස්කෝලෙට වගේම ලොක්කටත් පට්ට ලෙන්ගුයි. මම මෙහෙම ඉස්කෝලයක් දැකලම නැහැ...

ඔන්න ඉතින් මමයි මගේ බඩියල දෙන්නයි හොරෙන් අටවපු පැලෑනක් උපයොගි කරගෙන ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරන්න ගියා... ඒ කියන්නේ අපි තුන්දෙනා ඉස්කෝලෙන් පැනල අපේ ගෙදර යන්න. කියපු විදියට එදා ඉස්කෝලේ කස්ටිය අඩු දවසකි. අපිට දේශපාලන විද්‍යාව උගන්නන්න හිටපු මිස් පේපර් මාර්කින් ගිහින්... අපි තුන් දෙනා වෙලාවට කලාවට දෙවනි පීරියඩ් එකේදි ඉස්කෝලෙන් පැනලා අපේ ගෙදර ගියා පාන් රත්තල් 2කුත් අරගෙන. අහෝ ඛේදයකි කිව්වලු...අපේ මව්තුමිය බැහැරක් ගොසියන්... ස්ථානොචිත මෙව්ව එකෙන් ගේ වටේ ඇවිදලා දොරේ යතුර හොයගත්ත අපි හොරා වගේ ගෙට රිංගුවා. ඊට පස්සේ සම්බොලෙකුත් හදාගෙන ගෙනාපු පාන් කාල දොරත් වහලා අපේ ඒරියල් එක පත්තේ රවුමක් ගහන්න පටන් ගත්තා. අපේ ගේ ඉස්සරහා එක නිල්ලට වෙල් යායය... හිලන් පාර බ්රේක් නැති මැස්ස වගේ කෙලින්ම අපේ මිදුලේය. සීත සුලන් අවට හමන්නේ.සනිපයි ආහ්.....

අපේ උන් දෙන්නට වෙලේ ඇවිදන්නම ඕනිලු.... බැරිම තැන් උන් දෙනන්ගේ ආයාචනා මැද මම උන් දෙනනව වෙළට බැස්සුවා. උන් දෙන්නා වෙලේ මඩ කයි. පොඩි උන් දෙන්න වගේ එහෙ මෙහෙ දුවයි. හික් හික්....

ඔහොම අපි ඉතින් වෙලේ ඈතින් ඈතට..... ඈතින් ඈතට.... ඈතින් ඈතට.... ගියා...
හැහ්.... මොකෙක්දෝ ඉදිරියට දුවගෙන එනවා වගේ පේනවා. මගේ පෙනීමත් අන්තිම පොට්ටය...කෙලින්ම කියනවා නම් මට දුර පෙනීම අවුල්ට කොම්පීතර් හේතුවෙන් මා පොට්ටයෙකු වී හමාරය.. අපේ උන් දෙන්නාට ගානක්ම නැත. අම්ම ගහයි තමා...



 ඒ අපේ ගමේ හිටිය එකම දරුණුම මීහරකා නේද ? මට සිංහල සාහිත්‍යායේ නාලාගිරි දමනය මතක් උනා. අපේ ගොන් ඩබලට සීන් එක සෙට් වෙනකොට මීහරකායි අපි අතර මීටර් 100ක් දරම් දුරක් තිබ්බේ. අපි තුන් දෙනාගෙන් ඉස්සර උනේ සසියාය ඌ මාවයි කස්සවයි පොරලගෙන දුවන්නට විය.. කස්සා නොවැටී බේරුණු අතර මම වැටි බේරුනි. මෙන්න මේ වෙලාවේ හුසේන් බොල්ට් හිටියා නම් අනිවා සසියගේ දිවිල්ලට පොර පරාදයි ආහ්... දැන් කරන්න දෙයක් නැහැ.. එකම දේ දුවන එක විතරයි. මට ඇත්තටම කිව්වොත් අම්ම මතක් උනා. පට්ට මනෝ පාරක් ආවේ.. ඒක ඉවර වෙනකොට මීහරකා අපිට පේන මානයේය.

මම - " කස්ස දුවපං දුවපං යකෝ....අරූ නං අයිනනමයි එන්නේ... "

ඒ පාර මූ කියනවා

කස්ස - " පිස්සුද මීහරක් ඔහොස තමා උන්ගෙ හැටි බං ඔය "

මම - " යකෝ බලපං මොන පිස්සුද බං ඌ එන්නේ අපේ පැත්තට ගොරකයෝ "




අසුරු සැනින් කස්සාගේ පාද පණගැන් වුනි.... ඌ ඕෆ් රෝඩ් කැබ් එකක් වගේ දුවන්නට විය.සසියා ඒ වන  විටත් අප පහුකර මද දුරක් ගොස් ඇත. ඉන් පසු කස්සත්... පසු පෙල නියොජනය මගෙන්ය... මේ ඔක්කොම වෙන්න ගියේ තත්පර කිහිපයකි. අපි තුන් දෙනාම දැන් එක පිම්මේ වහු පැටව් වගේ වෙළ  පුරා දුවයි. කස්ස අම්බානෙකට බයවී ඇත. සසියට කිසිවක් මතක නැත.. ඌ එකෙන්ම දුවයි. හරකාගේ වේගය පොඩ්ඩක්වත් අඩු නැත්.... ඌ නම් නාලාගිරිම තමා . ඇත්තටම කිව්වොත් ආන්තිම කැමැත්තත් මතක් උනා. අපිට පාන් කියාගන්න බැරි ගානට හැති. සසියා නැවති නැවතිත් දුවයි.කස්සා පිස්සුවෙන් වගේ දුවයි. හරකට නං කිසිමා ගානක් නැති පාටයි. කොහොම හරි වෙලෙන් මහ පාරට ගොඩවෙලා පිටි පස්ස බැලුවේ. හුටා මේකගේ ඒත පස්සෙන් පන්නවා. මේක ලොක්කද දන්නෙත් නැහැ. අමාරුවෙන් අපි තුන්දෙනා ගෙදරකට දුවලා ගිහින් සිද්ධිය කියනකොට ගෙදර එවුන්ට පිස්සුද මන්ද උන් කට ඇරන් බලාගෙන ඉන්නවා. බොහොම අමාරුවෙන් මීහරකව මගඇරගත්තු අපි තුන්දෙනා ගෙදර බඩගානකොට 3 විතර උනා. යනකොට මව්තුමි සාලේ.. මොකෝ වෙල් ගානේ දුවන්නේ...වස ලැජ්ජායි රෙද්ද වැලේ....කිව්වලු.. ගමේ එකාල අපේ සිද්ධිය අම්මගේ කනේ තියලා.. මොනව කරන්නද ඉතින් කොරන්න දෙයක් නැහැ....

ඊට පස්සෙත් සසියය් කස්සයි අපේ ගෙදර ආවට වෙල පැත්තේවත් ගියේ නැහැ... අම්බෝ ඒ වෙලාව මතක් වෙනකොටක් බොක්ක ගර ගර ගාල ගැහෙනවා...

ඉස්කෝලේ කාලේ සුන්දරකම තියෙන්නෙම ඉස්කෝලෙ ඇතුලේ ඉන්නකම්ම තමා එළියේ ඒ ආතල් එක නැහැ නොවැ

Related Articles