Saturday, September 22, 2012

මම පොඩි කාලේ - 3 වන කොටස
(ලොවෙත් නැහැ මෙහෙම කාලයක්)

අලෝස් අලෝස් ....බැක් ටු දි ස්ටෝරි පාට් තුන..... මෙන්න ගෙනවා අච්චාරි පැණි බූන්දි....කොත්තු එක්කලා එකට කලවම් කරපු ලොවෙත් නැති අබිලිත් අප්සැට්.... කතාන්දර මාලාවේ ඊළඟ කොටස  - මම පොඩි කාලේ 3 වන කොටස



මම දෙවනි කොටසේ  මගේ ජීවිතේ පල්ලම් බැහැගෙන බැහැගෙන ඇවිදින් බස් එක එක පාරටම හෝල්ට් එකකට ගැහුවා...ආහ් ලොවෙත් නැහැ.... අත් දිගට කකුල් දිගට අඳින්න ලැබෙන ජීවිතේට එක පාරක් විතරක් යන්න ලැබෙන වසරවල් වලින් එකක උනු 10 වසර....හ්ම්... අදත් මම වැඩ... ආෆ් ඩේ..... ඒ උනාට කොච්චි අයියලට පින් සිද්ධ වෙන්න 1.45 විතර දෙමටගොඩින් කොච්චියට නගින හිතාගෙන ආපු මට කොච්චිය එනකොට 2.43යි අනේ වාසනාවන්... ආසියාවේ ආශ්චර්ය... රේද්***මා ..ඇවිදින් මීරිගමින් බහිනකොට 5.05යි... කොච්චියේ එකා ඒක එලවන්නේ මිනිස්සුන්ව ගෙදර එක්කන් යන්න හිතාගෙන නම් නෙවෙයි මනුස්සයා පිකිනික් යනවා වගේ.....හිමීට හිමීට එළවන්නේ... ඒ අස්සේ ප්‍රවාහන ඇමති ටෝක් කරනවා සම්පූර්ණයෙන්ම පරිඝණක ගත තරන ලද ප්‍රවාහන සේවයක් 2015 දි මිනිස්සුන්ට දෙන්න... ප්‍රවාහන ඇමති ලොවෙත් හිනයක්ද කොහෙද දැකලා....

අයියෝ සල්ලි කිව්වලු... කථාවෙන් කථාවෙන් අපි අබිලික් කතාවෙන් ඔළියට පැනල නේද ?සොරි ආහ්.... මොනවා කරන්නද ආද කාලේ පාරේ තොටේ ගිහින් එනකොට අම්බානෙකට ලේ උණු වෙලා එන්න වෙලා තියෙන්නේ....හ්ම්... අනේ මන්දාමෙහෙමත් ලංකාවක්...

ඔන්න ඉතින් මට ඉස්කෝලේ 10 වසරට ආවා. ඒ කියන්නේ ලොකු අයියලගේ පන්තිය .ලොකු අයියල කිව්වට වයසින් නෙවෙයි අනිත් පැත්තෙන් ආහ්. ඔය චන්ඩින් පවා මෙල්ල වන ලේ උණු විප්ලව වාදින් හිටිය 10 වසර. ඇත්තට කිව්වොත් ඔයාලටත් සහෝදරයෙක් සහෝදරියක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම පරිස්සම් කරගන්න ඕනි කාලේ ආහ්. කොල්ලෙක් නම් ටිකක් විතර ලේ කෝප උනු ගමන් හිංදා. මචං අරූට දෙකක් අනිමු** කියද්දිම අනේ අරූට දිල ඉවරයි. ගන්න දෙයක් නැහැ ....... ආය් ලොවෙත් නැහැ. කෙල්ලෙක් නම් ඉතින් කියනවා වගේ නොතේරෙන වයසට අපි හැමෝම ඔය හොයන ආදරේ කියලා එකක් ඔය10 වසරේ ඉන්න කාලේදි මල් වට්ටියේ දාල පුද පූජා පවත්තනවනේ... ඒක හිංදා 10 වසරේ ඔයාලගේ මල්ලිලා නංගිලා ඉන්නවා නම් පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. මෙනම විදියකින් හරි 10 වසරෙදි නිසි විදයට ආතල් එකේ දැහැමින් සෙමින් පොඩ්ඩක් විතර පොඩි පොඩි වලියකුත් දාගෙන කාට හරි දෙකක් ඇනලා, ඒවගේම තව එකෙක්ගෙන් ගුටි කාල ඒහෙම නිවැරදි විදියට 10 වසරෙන් 11 වසරට ගෙනාවොත් ආයේ අල්ලන්න දෙයක් නැහැ ලොවෙත් නැතිවෙන්න ඉගෙන ගන්නවා ඈහ්... අත්දැකීමෙන් කියන්නේ ආහ්... මමත් ඔය කියන ජාතියේ පොරක්.... 10 වසරෙදි අපි කාලේම 1 වසරේ වැඩ. අපේ ඉස්කෝලේ ලොක්ක අපිට කියන්නේ එහෙමයි.

" ඉස්කෝලේ ලොකු අයියයලා අක්කලා ඉන්න ඕනි නංගිලා මල්ලිලාට ආදර්ශයක් වෙන්න කියලා "

මොන පිස්සුද'........
 ඒ පොඩි උන් අපි දිහා බලන් හැදුනොත් අපි වගේම අන්ඩ පාලයෝ තමා. මොකද ආයේ ජීවිතයක් නැති වෙයි. ලොකු අයියලා අක්කලා උනාට 10 වසරට එනකොට 10 කියන අංකේ තියෙන බිංදුව හැලිලා 1 වසරේ ළමයි වෙනවා. කොයි වෙලාවෙක් පිට්ටනියේ.. එනිත ඉගනෙ ගන්නකොටත් මේ ලෝකේ සිහියක් නැහැ ඉන්නෙම හීන ලෝක වල. අපිට ඒකා කරපු සෙල්ලම් දෙක තුනක් කියන්නම්කෝ

ගැහැණු පිරිමි Cricket මැච්

ගස් පැන්නා

කොට්ටන් තැලුවා (එදාට ගෙදර ගිහිල්ලත් ඉවරයි.. ඇත්තම පොඩි උන්ගේ වගේ කමිස කලිසම් පුරාම දම්පාට පැල්ලම්....ඒවා හේදුවට යන්නෙත් නැහැ)

අල්ලන සෙල්ලම් කලා 

ආහ් කියන් අමතක උනා... අපි උන්නේ 10 වසරේ අනත් ඒ කාලේ තිබ්බ පට්ට ආසම සෙල්ලමක් තමා හැංගිමුත්තන් සෙල්ලම. පොඩි උන් වගේම එකේ ඉඳන් සීයට ගණන් කරලා පිරියඩ් දෙක තුනක් ඉවර වෙනකංමුළු ඉස්කෝලේ පුරාව හැංගිලා ඉන්න අනිත් එවුන් හෙයන එක. මේක කණ්ඩායම් සෙල්ලමක්.... 10 දෙනෙකේ ගණන් කරනකොට 10 දෙනෙකේ හොයන්න බැරි තැනක් හැංගෙනවා. 

මරේ මරු ආහ් මතක් වෙනකො හිතට මාර දුකයි. මට ආයෙත් ඉස්කෝලෙ යන්න ඕනි කියලා හිතෙනවා.

අපිට ඒකාලේ පුදුම ඇමේනියා තිබ්බේ. හැම වෙලේම පුදුම අත්හදා බැලීම් කලේ. ඔන්න දවසතක් අපි පන්ති කාමරේ දොර අඩවල් කරලා දෙර උඩින් කුණු පුරවපු කුණු බාල්දියක් තියලා දෙන්නෙක්ව යැව්වා එකෙක්ව එක්කන් එන්න. පට්ට අදහස්. හැබැයි මොංගල් අසික්කිත අත්හදා බැලීම්. අපේ ඉල්ලක්කය එනකන් අපි බලාගෙන හිටියා. හුටා මෙන්න බෙලේ පිනා ආපි පන්තියට....කියන්නත් දුකයි...ඒත සතුටුයි. විද්‍යාවෙන් කියනවා නම් අපි සාර්ථක ඇටවුමක් පරික්ෂාවට භාජනය කරා. ඒක සාර්ථකයි. දුකයි කිව්වේ අවේ ඉලක්කය උනු එකා ආවේ ඊට පස්සේ හිංදා.



" ලොක්කා - ඔක්කොලමලාම යනවා මගේ ඔෆිස් එකට..... මම ඇවිත් මේ ගැන බලාගන්නම් "

ඇත්තමට ඒ අතින් අපේ පන්තියේ කෙල්ලෝ ටික අදහන්න ඕනි. උන් එකෙක්වත් පිනා ඇහුවට කව්ද කලේ කියලා අපිව පාවා දුන්නේ නැහැ. ඊට පස්සේ අපි ඔක්කොම කෙල්ලෝ කොල්ලන්ට එන්න කියලා තරු පේන්න වේවැල් පාරක් දුන්නා. අනේ ඉතින් අපේ පන්තියේ කෙල්ලෝ ටික මෙනදේ කලාත් අපිට බැන බැන පන්තියට යනවා. ඒ එක කථාවක්...

මෙන්න ඒ වගේම තවත් මොංගල් අසික්කිත සිදුවීමක්...

මේක උනේ අපි අපේ දෙවනි වාරේ පටන් ගත්තු දවසේ අද වගේ මතකයි. එදා හැබැයි වැහි බර දවසක් අපි පුරුදි විදියට වැස්සටවත් ඉස්කෝලේ නොගිය අපි හැමෝම පුරුද්දට වගේ වාරේ පටන් ගන්නකොටයි... වහනි දවසටයි අනිවාර්යෙන්ම ඉස්කෝලේ ආවා. ඒක පුරුද්දට වගේම බෙහොම ආසාවෙන් අපි කලේ.... ඒකට හේතුවක් තිබ්බා

ඒ තමා...

1. හයියෙන් සිංදු කියන්න ලැබුනු හිංදා
2. ඉස්කෝලේ පුරාම ඇවිදින්න ලැබෙන හිංදා
3. කොල්ලෙක්ගේ භාෂාවෙන් කියනවා නම් කෙල්ලන්ට ටෝක් කරන්න බැබුනු හිංදා
4. දවසේ වැඩි හරියක් කැන්ටින් එකේ ඉන්න ලැබෙන හිංදා....(පිනා වහින දවසට එළියට බහින්නේ නැහැ....උගේ සුදු දික් කිලිසම තෙමෙයි කියලා....හිකිස්......)

5. අපිට ඔහේ වල්පල් දොඩව දොඩව ඉන්නයි කැමති වෙලාවක් කන්න පුළුවන් හිංදයි.

ඔන්න ඉතින් දෙවනි වාරේ පටන් ගත්තු හිංදා අපේ පන්තියේ ඔක්කොම වගේ ඇවිත්... ලොකු නිවාඩුවකට හිංදා අපිටත් කියවන්න සෑහෙන්න දේවල්...වහින නිසා මිදුල් අතුගාන්න දේකුත් නැහැ. නියමයි. අපිත් ආසාවෙන් හිටියා. ඔන්න ඉතින් එළියට පැනලා අනිත් පන්ති අස්සෙත් කරක් ගහන ගමන් නිවුස් එකක් ආවා ලොක්කා එළියට බැහැල අපි ඉන්න පැත්තට එනවා කියලා. පොඩි උන් කියපු නිසා අපි හිතුවේ විහිළුවක් කියලා. මොකද අපි ඒ වෙනකොට ශිෂ්‍ය නායකයෝ හිංදා. ඒ උනාට අපිතමා අන්ඩපාලම වැඩ කලේ... පන්තිවල වලි යනකොට අපි කරන්නේ බේරන්න ගියලා බැජ් ගහගෙන එතනට දිවනවා.පිනා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකොට බැජ් සාක්කුවල...අපි රජ ඉබ්බෝ කාටුන් එකේ වගේ තමා වටේටම නෙලනවා....හරියට උඩරට පැතේ තේ අක්කලා නැන්දලා තේ දළු නෙලනවා වගේ බලන්නත් ආසයි රමණියයි... දන්න එකාටයි නොදන්න එකාටයි..... ඒකාලේ අර ඉස්සේලාම කිව්ව වගේ විප්ලව වාදි යුගයක්.. අපි වලිවලට ගියහම අහලා ගහන්නේ නැහැ ගහල අහන්නේ හේතුව මොකක්ද තියලා. ඒකෙත් අමුතුම ආත්ල් එකක් තිබ්බා.....

ඔන්න අපිත් ලොක්කෝ වගේ ලොක්ක එනවා කිව්ව දිහාවටම ඇදුනා. ආසනේ සරෝජිනි කිව්වලු... යකෝ වලියක්... අපිටත් ඉතින් දැක්කහම කහනවා කහනවා වගේ... ගැලෙව්වා බැජ්..දැගත්ත සාක්කුවට.. පැන්නා වලිය මැදටම... දන්න විදියට 10 වසරේම වලියක්...ආදර හුටපටයක්.... එක මලයි බඹරු දෙන්නයි. පොදු ගුණාකාරයක් නැති සීන් එකක්... ඒ කියන්නේ කෙල්ලට විච්ච දෙයක් නැහැ වලියක් විතරයි. අපිට ඒ කිසිම දෙයන් අදාල නැහැ... අපිත් ඉතින් අදිශ්ඨානයෙන් අභීතව අරමුණ කරා... පැන්න වලිය මැද.... වටේට වෙලා සීන් එක දිහා බලාගෙන ඉන්න එවුන්ගෙන් පුල් සප් එක....විසිල් එකයි බල්ටි දෙකයි....ෆිල්ම් එක ලොවෙත් හිට් වෙනවා....

"මචං අරූ තමා උඹට ගැහුවේ......"

"මචන් අන්න අරූ පැනල යන්න හදන්නේ..."

"අඩේ කවුද අපේ උන්ට ගහන්නේ.... හු*** *තා..... අහුවෙයන්කෝ පිටදී දෙන්නම්..."
(ඒවා ලියන්න බැහැ මාව අසැබි ඒවා ලිව්ව කියලා බ්ලොගියෙන් එළියට දායි....එන්න එදාට තමා වීරපුරන් අප්පු වගේ කොල්ලෙක් හිතේ ආමාරුවටම මලා කියලා පත්තරේ පොටෝ කෑලිත් එක්ක කථාවක් ලියවෙන්නේ......)


ඔය අතේ අපි හය හතක් අනින කොට අපිට දහයක් විතර වදිනවා...

ඔය අස්සේ..එකෙක්... දුවපාන් ලකියෝ පිනා එනවා... අපිටත් එච්චරයි ඇහුනේ ඊට එහා පැත්තේ තිබ්බ පන්ති කාමරේ වෙන් කරන තාප්පෙට අඩි දෙකයි අපි 5 දෙනෙකේ පැන්න එළියට... දුන්නා චන්ඩී ටෝක් එකක්... දිව්වා.... හැබැයි දන්නේ නැහැ පිනා කොහෙන්ද එන්නේ කියලා...කියන්න දෙයක් නැහැ සිද්ධිය සෑඩ්...අපේ වෙලාවටම අපි දුවල තියෙන්නේ දුවන්න  දිශාවට නෙවෙයි විරුද්ධ දිශාවට... අර විද්‍යාවේ තියෙන්නේ සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ මොකක්ද එකක ගැන.... අන්නඒ වගේ තමා... අපි දුවලා ගියේ පිනා එන පැත්තටමයි.... අපේ පන්තියට හැරෙන්න තියෙන්නේ පොඩි වංගුවත් හැඩේට.....අපි 3 දෙනෙකේ කනේ වැලි ගැවෙන් වංගුවක් ගත්තා...ඒ අතර අපෙන් තවත් 2 ක් පාරෙන් ඉවතට පැන පන්තිය පිටි පස්සට දිව්වා. හුටා මෙන්න බොලේ පිනා දෙපා මුල.. ඇත්තටම අම්මව මතක් විය... අපේ දිශාවේ වේගය පැයට සැතපුම් 40ත් 50ත් අතර තිබ්බ හිංදා කරගන්න දෙයක් නැහැ ලොක්කා ගැවම බේරේක් පාරක් ගහලා රිවස් ගියර් එක දැම්මා විතරයි... පිනා අසිපත ආමොරාගෙන ඉදිරියට පැනපු එළාර වගේ වේවැලත් උස්සන් අපේ මාර්ගය හරස් කරා... එසැනින් අපි අපේ මාර්ගය වෙනස් කරන්නට උත්සහ ගත්තත් වෙලාව මදිය.. පළමු පහර වැරෙන් මගේ පිට පුරා වදින්ට විය. දෙවනියට උන්නේ මගේම සගයාය පොර මට වඩා අඩි භාගයක් පමණ දුරකිනි. පිනාගේ  වේවලේ වෙගය අඩාල කරමින් මගේ සගයා පැත්තට පනිනට විය. හපොයි වැස්සක් ඉවර වෙලා තිබ්බත් ...කෙහෙල් ලෙල්ලක් තිබූ මහ පොලොවේ පිනා වැටුනා... පස්ස පැත්ත ලස්සනට මඩ පාටය...ඒ එකක්ම 11 වසරේ අයියලා අක්කලාගෙන් උපහාරාත්මක හූවක්.... පිනාගේ ඇස් කොපයෙන් දිදුලන්නට විට... හරියට අපි රජ ඉබ්බෝ එකේ "සාකියා" වගේ...එදා නම් අපි තුන් දෙනෙක් ආයේ මාසා ගානකට හරියන්න ගුටි කෑව...

දැන් කොහෙද එහෙම කරන්නේ... කරත් එවෙලෙම ජොබ් එකෙන් දොට්ට....හ්ම්.........

ඔන්න ඔය වගේ ඉන්නකොට පාසැලේ 10 වසර කලහාකාරී විදියට ගෙවිලා...අවුරුද්දත් ඉවර වෙලා අපිව 11 වසරට යන්න කාලේ ආවා. විභාග ගැන නම් මම මේකේ ලියන්නේ නැහැ මොකද විභාගේ ගැන ලියලා මම මේ ලිපිය චාටර් කරගන්න කැමති නැහැ. එන්න 10 වසරේ අන්තිම දවස ඒ කියන්නේ තුන් වෙනි වාරේ අන්තිම දවස අපිට නිවාඩු දෙන දවස .....

මේ තමා මගේ ජීවිතේ මම ආසාම දවස...අද දවසම තියෙන්නේ අලුත් අවුරුද්දේ වගේ සැනකෙළි සහ ජන ක්‍රීඩා... ඒ කියන්නේ.... වතුර හරි නිල් හරි ගහගන්න එකයි පාටි මැද ගෙවෙන සංගීත සාජ්ජයි. මතක් වෙනකොට මාව විකසිත වෙලා මොංගල් වෙලා කැරකිලා.... 

"අනේ මට අයෙත් ඉස්කෝලේ යන්න ඕනියෝ.... එක්කන් යන්න කවුරුත් නැද්දෝ...."

එදා දවසකට මුළු ඉස්කෝලේ පුරාම ඇවිදලා....වතුර ගහගෙන කාල සිංදු කියලා ගෙවල් වලට යනකොට හවස 5ට විතර තමා... ඒකත් සිකුරුට්ටා පැන්නුවේ නැත්නම් ඉස්කෝලෙම අස්සේ තමා......
ඔන්න ඔහෙමයි ලොවෙත් නැති විදියට ගෙවුනු මගේ 10 වසරේ ජීවිතේ.....


ආදරය විරහාව සහ වැදගත් මොංගල් අසික්කිත සිදුවීම් මැද ගෙවුනු 
මම පොඩි කාලේ -4 වන කොටස  (11 වසරක අභිමාණය) ඟදීම.....!

Related Articles