Thursday, September 20, 2012

මම පොඩි කාලේ - 2 වන කොටස (දරුණුම කාලේ...)

අලො අලෝ ... නොහිතපු විදියට මේ පොස්ටුව මගේ ජීවන චක්රේ වෙලා දිගටම ලියවෙනවා.. මක්කක් කරන්නද ? හිතට එනවා මම ලියනවා....අලේ සොලි ඈහ්...




සිංහලෙන්ම කියනවා නම් " අයි ඈම් බැක්  "  සිංහල දන්න අය ඉන්නවා නම් දනී. නොදන්න අය අර පන්ති යන කාලේ වගේ එහා පැත්තේ එකාගෙන් අහ ගන්න නැත්නම් කොප්පක් ගහන්න. ඔන්න ඉතින් මම ඔයාලට කිව්වනේ මම පොඩි කාලේ ගෙවුනේ කොහොමද කියලා... ඔන්න ඉතින් කාලය ගෙවිලා ගෙවිලා ගියා අම්මපා මටවත් දැනුනේ නැහැ මම ලොකු එකෙක් කියලා. අර අම්මල කියන්නේ නහයට අහන්නැති වයස කියලා. අන්න ඒ වයස ආහ්... ඔන්න ඉතින් මම කොයින් කොහොමෙන් හරි ඉස්කෝලේ 5 වසරේ නැත්නම් සිස්සත්ත පන්තියට බඩගාගෙන ආවා. එය කාලේ තමා කොල්ලෙක්ට සාමාන්‍යෙයන් නම් කියන කාලේ... තව කොල්ලෝන්ට කෙල්ලන්ගේ නම් ගැට ගහලා.. නැත්නම් කෙල්ලන්ට කොල්ලන්ගේ නම් ගැට ගහලා...නම් හදන කාලේ.. ඉස්සර නම් මට සෑහෙන්න තරහා යනවා. ඒත් කාල කාල ඇඟ පත හැදිලා තිබ්බට මම අලියෙක් වගේ පුංචිම පුංචි මොලයක් තියෙන පිස්සු මැන්ටල් පොරක්. ඔය කියනවා වගේ මගේ යාළුවෝ ගොඩක් අය මට කියන්නේ ලකියා කියලා.  ඔය නමත් මට ගැට ගැහුවේ මේ කාලේදී තමයි . මුල් දවස්වල මම ඒ නම කියනකොට තරහත් යනවා. ඒත් මෙනවා කරන්නද ? මට තරහා ගියාට ඊට පස්සේ මොකද කරන්නේ කියලා දැනීමක් තිබ්බෙම නැහැ. මම හිටියේ 5 වසර A පන්තියේ. අපේ පන්තියේ හරියටම ළමයි 72ක් හිටියා. ඒක නම් මතකයි. අර කථාවට කියනවා වගේ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේ ඉගෙන ගන්න ළමයි ඉස්සරහටත් පිස්සු කෙලින මොට්ටයෝ පිටිපස්සටත් ඇදෙන්න උනා. මටත් මං වගේම මැට්ටෝ සෙට් එකක් අහු උනා. අන්න සබන් ආහ්.... වලි....කෙළි....සිංදු සාජ්ජ. ......නඩු.....ගුරු දෙගුරු රැස්වීම්......පාසැල් පොළ.....කාරිඩා උළෙලවල්.... ඔය වගේ දහකුත් දේවල් ඔලුව අස්සේ රිංගනකොටම කෙලිය තාප්පෙට කිව්වලු... අපේ මේ පුංචි පණුගාය තියෙන මොලේට සිස්සත්තේ කියන මහා අපරාදයක් ගෙනත් දැම්මා.



අපිට ලැබුනු ලාභ

කැමති කැමති හම්බ වීම

ඉල්ලන දේවල් ගොඩක් වෙලාවට ඉල්ලන්න කලින් ලැබීම
කැමති කැමති කෑම අම්ම ගානේ ලැබීම

එයවගේ දේවල් තමා

ඒ වගේම 

අපිට උනු අලාභ

සෙල්ලම නැති වීම
ගෙදරටත් ගෙදරින් ඉස්කෝලෙටත් ඉස්කෝලෙන් පන්තියට හරක් දක්කන්නා මෙන් දැක්කීම
යාළුවෝ අහිමි වීම
නිදහස සීම වෙනවා කියලා දැන් ඔය එක එක ඒවායේ කිව්වට නිදහස සම්පූර්ණයෙන්ම භාදා වීම
අධික ලෙස බිය ගැන්වීම් අඩන් තේට්ටම් වලට ලක්වීම..

ඇත්තටම කිව්වොත් සිස්සත්තේ නිසා අපිව අපයෝජනයට ලක් උනාද මන්දා....හෑහ්..
කොහොද ඉතින් ඒකාලේ අපිට ඔළුවක් කියලා තිබ්බ එකක් යෑ. ඒ කාලේ අපේ පන්තිවල උගන්නන උදවිය අපිට අපේම නමකින් කථා කලේ සෑහෙන කාලෙකින්නේ.. ගොඩක් වෙලාවට "ගොනා.....මොඩයා.... මැට්ටා.....බූරුවා.... " ඔය වගේ ආදර බර හුරතල් නම් වලින්නේ කථා කලේ... ඒකද අපේනේ වැරුද්ද... අපිට දාන්ගලේලු... හත් දෙයියනේ ළමයෙක් නොවී මහ එකෙක් වෙලාද දාන්ගලේ තියෙන්න ඕනි...

හරි හරි ඒවයෙන් වැඩක් නැහැ.... ඔන්න සිස්සත්තෙත් ආවා... ඔහේ යන්නන් වලේ අපිත් ඕක ලිව්වා. අම්මල නම් බෝධී පූජාත් තිබ්බා.. ඒත ළමයෙකුගේ ජීවන රටාව බලලා ඒවා කොරන්න එපැයි නේ... අපි පව්නේ... ඉතින් කිව්ව වගේ රිසල්ට ආවා.. අයියෝ සල්ලි...



 මට ශතකයක් වත් ගහන්න නොදී මාව පිට්ටනියනේ අයින් කොරලා... මගේ වටේ හිටපු උන් ද්විත්ව ශතකත් ගහලා. ඇත්තටම කිව්වොත්මම 98ක් ලාබා සිටියදී සිස්සත්තෙන් මම පේල් උනා. ගෙදරින් ලොවෙත් නැති වෙන්න කෑමකුත් හම්බුනා. අම්මා තාත්තා එහෙම කථා නොකරත් හිටියා මාත් එක්ක. මට කන්න දුන්නෙත් අච්චී.. අම්ම බෙදලා මේසේ උඩ තියලා යන්න යනවා. තාත්තා නම් දැක්කත් ඇති.... අම්මෝ මට මතන් වෙනකොටත් දැන් වයස 24ක් වෙලත් කකුළ සර සර ගාල හෙල්ලෙනවා... මොනවා කරන්නද කිව්වලු...

හැබැයි ඉතින් ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්ව වගේ මගේ ආසාව මොකක්ද කියලා මම දැන ගත්තේ පහ වසරෙන් පස්සේ තමා... මට කොම්පියුටර් කියන වචනේ ඇහුන කාලේ තමා
ඒ... දන්නේ නැති උනත් හොයන්න උත්සහ කරා.. ඒ වෙද්දි මගේ යාළුවන්ට සිස්සත්තේ ඉහළින්ම පාස්වීම කරණකොටෙගෙන උන්ට ඔය කොම්පියුටරේ කියන එක ලැබිලා තිබ්බා. ඒක හින්දා මටත් ඒව අතපත ගාන්න අවස්ථාව හම්බුනා. ඒ ගැන හොයන්න හිතුනා... ඔන්න ඔතනින් තමා මගේ ජීවිතේ කොම්පිටර් කන්න පටන් ගත්තේ... මොනව කරන්නද ඉතින් හිත ගිය තැන මාලිගාවනේ.... අපේ අම්මල නම් ඊට පස්සේ මා ගැන වැඩිය හෙව්වේ නැහැ... යන්න දුන්නා...

හිහ් හිහ්.... ඒක වෙලාව කියන්නේ අපේ ගෙදරටත් තාත්තා කොම්පියුටරයක් ඇන්න ආවා. ඉබ්බ දියට දැම්ම වගේ... මටත් ඉතින් ඊට වඩා දෙයක් නැහැ. ඔතනින් මම කොම්පූටරේ පැත්තට හැරෙනකොට අනිත් පැත්තෙන් මම ටිකෙන් ටික පහ වසරෙන් හය, හත, අට............ඔහොම ඔහොම ඇවිදින් 10 වසරටත් ආවා.. ඔන්න ඉතින් දහය වසර කියන එක කාටවත් කියල දෙන්න ඕනි කාලයක් නෙවෙයිනේ.....

ඒ උනාට.........


"ජීවිතේ ගලාගෙන යනවා - මම ලියාගෙන යනවා" 

පිස්සු මැටි වැඩ හා මොංගල් පාට් රැගත් මම පොඩිකාලේ 3 වන කොටසත්
(10 වසරත් පන්තියක්ද ?) ළඟදීම බලාපොරොත්තු වන්න
!



Related Articles