Friday, June 8, 2012

සංගීතයත් රසාස්වදයත් හරහා එස්රාජයට (Esraj) පෙම් බැඳි මගේ කථාව...!

අහා මෙන්න ගෙනවා වෙනස්ම දෙයක් අරන්.....සංගීතය...දන්නවද කියල අහන්න දෙයක් නැහැ ඉතින්....ඔක්කොම දන්නවා....බල්ලොයි කොල්ලොයි නොදන්න එකෙක් නැහැ ආයෙ...සංගිතය ඒ තරම් පුරසිද්ධයි. ආහ් තව දෙයක් ඔය කියන සංගීතයට රටක් රාජ්ජයක් දේය සීමාවක් එහෙම නැහැ නෙවැ..මම අහල  තියෙන විදියට අමෘතයක්ලු...මම ඉතින් එය කියන දෙය සංගීතට කියන එක හරියට නොදන්න කාලෙ පවා....යටි ගිරියෙන් කෑගගහ සිංදු කවි කරපු කාලයක් තිබ්බ නොවැ...තමුන්නාසෙලාටත් එහෙම කාලයක් තියෙන්න ඇති...ආයෙ අහන්න දෙයක් නැහැ....පොඩි කාලෙ යටි ගිරියෙන් කෑගහගෙන සිංදු කිව්ව....ඊටත් පස්සේ ඉස්කොලෙ කාලෙ පොඩ්ඩක් තාලෙ අල්ලගෙන පොඩි පොඩි සිංදු කිව්ව....ඔන්න එතකොට තමා අපිත් දැන ගන්නෙ ඔය කියන සංගීතයටත් තාලයක් තියෙනවා....ඒත් ඉතින් ඒක ඉස්කොලෙට විතරයි....ආයෙත් ගෙදර ගිහින් මලාට කියන්න බැරි දරුණු සිංදු දත කට පූට්ටු කරගෙන දොඩවන්න පටන් ගන්නවා....අපේ අම්මලට නං ඔය කාලෙ මහ එපා කරපු කාලයක්....අපේ කාලෙදි ඔය කාලෙට අපේ අම්මල කිව්වෙ දැඟලිල්ල කියල නොවැ....

කොයින් කොහොම උනත්...ඔහොම ඔහොම අපි 1 වසරෙ හිටන් යාන්තන් සිංදුවක් කියාගන්න පුළුවන් වයසට එනවා...ඒ කියන්නේ 5 නැත්නම් 6 පන්තිය...අපි කාලෙනං කොට්ටන් තල තලා ටීච කෙනෙක් සෑර් කෙනෙක් නැත්නම් එළියට පැනලා මුළු දවසම ඉස්කොලේ පිට්ටනියෙ කාස්ටක අව්වෙ දුවන කාලේ....ඒකාලෙ තමා අපි ප්ලාටික් පෙට්ටි වලට කොටු කෑලි වලින් එහෙමත් නැත්නම් පෑන් පැන්සල් වලින් සද්දෙට තට්ටු කර කර සිංදු කියන කාලෙ ගෙවන්නේ.....ඔන්න එතනින් අපි කොල්ලො කෙල්ලො එනවා පෙම් කෙලින වයස නැත්නම් ගැටවර කාලෙට....ඔය කාලෙ වෙද්දි ඔය කවි සිංදු ජාති ගොඩක් දන්නවා ඒව රස කර කර කියන්නත් දන්නවා....ඔය අස්සෙ ලිවුන් කඩදහි අස්සෙත් ලිය ලියා පොතෙන් පොතට කොලෙන් කොලේට යන්නත් සංගීතය කියන එකට කියල දැනගන්නවා....මගේ ජීවිතේ 9, 10, 11 වසර කියන්නේ වන්ශොට් අයියලගෙ වගේ ගහමරා ගන්න කාලයක්...ඔය කාලෙ මැදකදි ආදරය කියන වයිරස් එක ගෙදුරු වෙනවා....කාලයත් එක්ක එකත් යහපත් අතට හැරෙනවා...11 වසර අන්තිම කාලය ටිකක් දුශ්කර කාලයක් නොවැ....අපේ අම්ම පාඩන් කරපන්.....පාඩන් කරපන්.....කිය කියා මන්තර ජප කර කර මගේ පස්සෙන් ආපු කාලයක්....ඒත් මට තිබ්බෙ සංගීතය කියන උණ තිබ්බ කාලයක්....බයිසිකල් කටුවකුත් හදාගෙන මම යනවා...සංගීත ප්‍රසංග බලන්න......ඔන්න ඔය කාලෙ වෙනකොට අපේ සිංහල භාෂාව උගන්නන ටීචර් අමුතු වචනයක් උස්සගෙන ඇවිත් පන්තියට අතඅරිනවා...වචනේ නම තමා රසාස්වාදය......මේක මට නම් පිස්සු වචනයක් හත් දෙයියනේ සන්ධි විසංධි අස්සෙ මේ මොන මගුලක්ද ඕයි.....අනිත් එක ලොකු අක්කල අයියල වගේ අපිට සිංහල වලට අපේ කාලෙ පන්ති තිබ්බෙ නැහැනේ....ඒ කාලෙ අපි දන්නෙ සිංහල පන්ති තිබ්බෙ ලොකු අක්කලා .ඒ කියන්නේ උසස් පෙළ කොරාපු අයියල අක්කලට....කොහොම උනත් ඔන්න අපි පිරිසක් ඒ රේල් පීල්ලෙන් පැනලා අනිත් පීල්ලට මාරු උනා....ඒ කියන්නේ සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළට ආවා......කස්ටියක් කිව්වේ.....කොටසක් සමත් උනා කොටසක් අසමත් උනා.....තවත් පිරිසක් එතනින් ඉස්කොල ජීවිතෙට සමු දීල රැකිය කොරන්න ගිය....තවත් කොටසක් පවුල් පන්සල් උනා.....ඔන්න දැන් අපි ලොකු අයියලා අක්කලා වගේ උස්ස පෙළ.....ඔන්න දැන් අපිට ඉස්සර තරන් විශයන් ගොඩක් නැහැ....4යි....බොහෝම ලේසි කියල හිතාගෙන ගිහින් පන්තියෙන් වාඩි උනා.....

අනේ අම්මෝ.....මේ මොනවද මේ.........මේ මම හිතපු උසස් පෙළ නෙවෙයිනේ.....අනේ මට ගෙදර යන්න ඕනි.....දැන් ඉස්කොලෙ කියන්නේ හිතට අල්ලන් නැති දිරන්නෙම නැති කාලයක්.....ඒත් මතක තියගන්න   සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන කාලයන් දෙක තරම් අපි පිස්සු නටපු කාලයක් තවත් නැතුව ඇති කියලා මම හිතන්නෙ  නැහැ....ඒතරම් සුන්දරයි.....මම දන්නවා ඔයා කස්ටියටත් ඒක එහෙම්මම තමා.....හරි අපි ආයෙ කථාවට එමුකෝ....ඔන්න අපිත් දැන් සිංහල පන්ති යනවා....ඔය ලොකු ලොකු වචන අස්සෙ ආදරය රස්තියාදු ගහන කාලයක් තමා උසස් පෙළ....ආයෙ අලි දාලවත් නවත්තන්න බැරි සිද්ධියක්.....ඔන්න සිංහල පන්තියේ නොදන්න නොදන්න වචන පොත් පිටු අස්සෙ ලියවෙන කොට කනට පුරුදු වචනයක් ඇහෙනවා....අර ඉස්සර අපිටවද දුන්නු වචනය රසාස්වාදය....දැන්නං අම්මෝ නෙවෙයි මගේ අප්පච්චියේ කියවෙනවා....දැන් ඉතින් 10 වසරෙ ඒව මතක් කොරහන්කො ඉතින්...එත් මම අදටත් සතුටු වෙනවා මගේ සිංහල දැනිම මේ තරමට හරි උසස් පෙළ සිංහල පන්තියෙදී හදපු මගේ සිංහල ගුරුතුමා උනු රත්න ශ්‍රී බණ්ඩාර ගුරුතුමාට.....උසස් පෙළට මම හිතුවෙ රසාස්වදය කවි සිංදු නිසඳැස් වලින් බේරුනු එක ගැන මම සතුටු උනා....

මම කලේ කළා අංශයෙන් සිංහල, නාට්‍ය හා රංග කලාව, දේශපාලන විද්‍යාව කියන විශයයන්.....දැන් ඉතින් ඔයින් මෙයින පණ ගැයගහ ගෙන උසස් පෙළත් ඇදගෙන යනවා....මම නාට්‍ය හා රංග කලාව තොරගත්තේ වෙන කරන්නම දෙයක් නැති හිංද ඉස්කොලෙ.....ඔන්න දවසක් මම නාට්‍ය හා රංග කලාව පාඩම අහගෙන ඉන්නවා...ඔන්න අපිට නාට්‍ය හා රංග කලාව ඉගැන්නුවේ ජයලත් කියලා සාර් කෙනෙක්....දැන් හිතන්න පුළුවන් මගේ ඉස්කොලෙ මොකක්ද කියලත් ......මගේ උසස් පෙළ ඉස්කෝලෙ තමා රදාවඩුන්න සිරි මිහිඳු මහා විද්‍යාලය.......ඉස්කොලෙ මැද ලොකු සියඹල ගහක් තියෙනවා....අපේ කාලේ ගෙට්ටුවක් තිබ්බ....වටේට ඉස්කොල මායිමක් නැහැ....ආයෙ අහන්න දෙයක් නැහැ නියම ගමේ ඉස්කොලයක් මට මේ ඉස්කොලෙට ගිය මුල්ම දවසේ අඹ යාළුවෙ කථාව මතක් උනා....ඒ වගේ මේ ඉස්කොලෙ.....මෙන්න මගේ උසස් පෙළ ඉස්කෝලේ මම කවදාවත් මගේ ඉස්කොලෙ පෙඩී කියලා අනිත් අයට මගේ ඉස්කොලෙ ගැන  නොකියා ඉන්නෙ නැහැ.....අපි හැමෝම ඒහෙමයි....මම දන්නවා ඒක....ඒත් සමහරක් පිරිස එහෙම කියන්න කැමති නැහැ....කමක් නැහැ ඒක එයාලගේ කැමැත්තක්.....අපි කථාවට යමුකෝ......

ඔන්න දැන් අපේ රංග කලාවේ නාට්‍ය ගැන කියනකොට ආයෙක් කියාපි රසාස්වදය......මොන කෙහෙල්මලක්ද මේ.......යකෝ මම යන යන තැන රසාස්වසය මගෙ පස්සෙන් පන්නනවා...දැන් මගේ මොලේ කචල්.....ඒ අස්සේ අපේ නාට්‍ය හා රංග කලාව උගන්වන සාර් කියාපි....ඕනෑම කලාත්මක දෙයක රසාස්වදයක් තියනවා....හරියට සංගීතය වගේ නිශ්චිත භාෂාවක් නැහැ....රසාස්වාදයයි සංගීයයි එකට එක් උනවිට උසස් කාලාත්මත නිමාණයක් බිහිවීමට අවකාශය ඇත  කියලා....අම්මටසිරි දැන්නං පිස්සු වගේ.....සංගීතයලු රසාස්වාදයලු භාෂාවක් නැහැයිලු මේ මොනවද මේ කියන්නේ.....පස්සේ මටත් ඒ කියපු දේ ඇත්ත කියල තේරුණා......ඇත්තටම සංගීතයටයි රසාස්වදයටයි භාෂාවටක් නැහැ...තේරුම් ගන්න පුළුවන් ඕනිම කෙනෙක්.......කොහොම උනත් අවුරුදු දෙක හමාරක් තිස්සේ ඉස්කොලෙයි  පන්තියෙයි....ඉගෙන ගත්ත රසාස්වදය අද මාව ගොඩක් දුර එක්කගෙන ඇවිත් තියෙනවා....සතුටුයි ඒ ගැන....මම දෙයක් අහන්නම් ඔයාලාත් පිළිගන්නවද සංගීතයට රසාස්වදයට භාෂාවක් තියෙනවා කියලා....??? මම දෙන්නම් සිංදු කිහිපයක් අහල බලල කියන්නකෝ....මේවායේ වචන නැහැ.....ඔක්කොම සිංදුවල අනුවාදන....එහෙම නැත්නම් ඉංගිරීසියෙන් කියනවා නම් Instrumental Songs.....ඔයාලම අහන්නකො.....ඕනම කෙනෙකුට ගන්න පුළුවන්.....අහන්න....හිතට දැනෙන දේ Comment එකක් විදියට ලියන්න.....ඇත්තටම සංගීතය කියන්නෙ භාෂාවක් නැති එත් භාෂාවකට එහා ගිය ලොකු දෙයක්  කියලා....ඔයාලටම තේරෙයි......


මේ එස්රජ් නම් වූ සංගීත භාණ්ඩයෙන් හා බට නලාවෙන් රස ගැන්වූ ගීත කිහියක්




Related Articles