ලක්ෂිතගේ Blog අඩවිය

හිතේ කහටක් නැතුව අවංකව ලියන මගේ බ්ලොග් කළාව...රසවින්දයට ඉඩක්දෙන්න....වෙනසක් ඇතිකරන්න

Pages

ලිපි සැකසුම හා පලකිරීම - ලක්ෂිත චින්තන රණසිංහ

පුනරාගමනය...

1 Comment ලිපි සැකසුම හා පලකිරීම - ලක්ෂිත චින්තන රණසිංහ at 10:09 PM


ඉස්සෙල්ලාම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා කාලයක් සද්දයක් නැතුව හිටිය එකට..පහුගිය කාලෙ ගොඩක් දේවල් උනා හිත හැදෙන දේවල් හිත කැඩෙන දේවල් වගේම පිස්සු හැදෙන දේවලුත් උනා...කොහොම උනත් මගේ ජීවිතේ ඔහේ සරුංගලේ වගේ පාවෙලා යද්ද ඔය අස්සට ගස් ,ගල්, මුල් වගේම යෝජනා චෝදනා එහෙමත් එකතු වෙලා පොල් සම්බෝලයක් වගේ රස උනා ,ඒ උනාට ඔය අස්සෙ දෙහි ඇටත් හැපුනෙට නැතුව නෙවේ...ඔන්න ඔය වගේ දේවල් එක්ක මගේ බ්ලොග්කරනයත් අඩාල වෙලා තියෙද්දි මගේ බොක්කෙම යාළුවෙක් වෙන අපේ කණිශ්ක සහෝදරය මගෙන් ඇහුව දැන් බ්ලොග් එක පැත්තෙ යන්නෙම නැහැ නේද කියලා...මටත් හිතුන ඒක ඇත්ත මම මගේ බ්ලොග් එකට හෙනහුරාගේ බැල්මක් වැටුන වගේ අත්ඇරලම තිබ්බ නිසා ආයෙ අලුතින් ගොඩගන්න කියල හිතා ගත්ත.....ඒ වගේම මගේම කියාල වෙබ් අඩවියක් කරන්න කියලා ලොකු ආසාවක් තිබ්බ...ඔන්න දැන් ඒකත් ඉශ්ඨසිද්ධ වෙලා තියෙනවා කිව්වොත් හරියටම හරි...

http://www.lakshithachinthana.tk/

ඕක තමා ඇඩ්රස් එක ගිහිල්ලම බලන්නකෝ.......ඒ ගැන කියන්න තියෙන හැමදේම කිසිට බයක් නැතුව

whlcranasinghe@gmail.com කියන මේල් ආඩ්රස් කියන එකට කියන්න........

ඉක්මනටම මගේ අළුත් එකක් දැන් බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්න එහෙනම් හැමෝටම ජයවේවා....!

________________________________________________________________________

1 Response so far.

  1. හික්. බ්ලොග් එකක් තියේ කියලත් මතක් වෙලා තියෙන්නේ.. :D

Post a Comment