ලක්ෂිතගේ Blog අඩවිය

හිතේ කහටක් නැතුව අවංකව ලියන මගේ බ්ලොග් කළාව...රසවින්දයට ඉඩක්දෙන්න....වෙනසක් ඇතිකරන්න

Pages

ලිපි සැකසුම හා පලකිරීම - ලක්ෂිත චින්තන රණසිංහ

මේ ටික කාලය.....!!

2 Comments ලිපි සැකසුම හා පලකිරීම - ලක්ෂිත චින්තන රණසිංහ at 7:59 AM




මුලින්ම මම සමාව ඉල්ලනවා මගෙ බ්ලොගයේ ලිපි පළ නොවීම සම්බන්ධයෙන්..ගිය දවස් ටික ගැන කියනව නම් ජීවිතේ ගොඩක් වෙනස් වෙනස් දේවල් ගොඩක් ආපු ගොඩක් දේවල් නැති උනු කාලයක් කිව්වොත් හරි ගොඩක් හැල හැප්පීම් අභියෝග එක්ක ගත උන කාලයක් විදියට දකින්න පුළුවන්,කරදර නැතිවාමත් නෙවෙයි...කොහොම උනත් එක එක සිද්ධි හේතුවෙන් මගේ බ්ලොගියේ වැඩ කෙරුනෙ නැහැ...ඔන්න ඉතින් ආයෙන් එන්න ලැබුන දැක්කහම දුකේ බෑ....ඉතින් හිතුව බ්ලොග් එක ආයෙ ගොඩදාන්න ඕනි කියල..ගිය දවස ටිකේ ගොඩක් දිව්වා...ආහ් කියන්නත් අමතක උනා...මොකද අපේ ගෙදර කස්ටියගෙ සෞඛ්‍යය පොඩ්ඩක් අස්පට් ගියා...මටත් එසේමය,මේ ලිපිය ලියද්දිත් අම්බානෙකට උණ ,මොනව කරන්නද ඉතින් ඔන්න කොහොම හරි පොඩ්ඩ පොඩ්ඩ ගොඩ ඇවිල්ල....මේ වෙද්දි යාන්තන් පණ තියෙන ගානට ඉන්න කිව්වොත් හරි.....අපාරාදෙ කියන්න දෙයක් නැහැ ඩිස්පැන්සරි කාරායො මගෙන් ගොඩක් පොහොසත් උනාකොහොම උනත් මගේ උපරිමයෙන් මගේ ජීවිතය මගේ බ්ලොගය වෙනුවෙන් කැපකරීමටත් එය පණහා සුරුකීමටත් මම පොරොන්දු වෙමි,මේ ටික කාලය හරියට තේරුම් ගන්න බැරි පොතක් කියෙව්ව වගේ....... අපි ඉක්මනටම හම්බ වෙමුකෝ....

2 Responses so far.

  1. වෙල්කම් බැක් කිව්වා ඕං :D

  2. බොහෝම ස්තුතියි....! මචෝ.....

Post a Comment